අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ සියලු ප්‍රශ්න පත්‍ර විභාග මධ්‍යස්ථානවලට භාරදී ඇතැයි විභාග දෙපාර්තමේන්තුව පවසනවා.
මෙවර විභාගය පැවැත්වෙන මධ්‍යස්ථාන සංඛ්‍යාව, 2362ක්.
එම මධ්‍යස්ථානවලට පොලිස් ආරක්ෂාව යොදවා ඇති බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය හෙටින් (10) ආරම්භ වන අතර විභාගය අවසන් වන්නේ, දෙසැම්බර් 05 වැනිදායි.
ඒ සඳහා සුදුසුකම් ලබා ඇති සිසුන් සංඛ්‍යාව, තුන් ලක්ෂ 40,525ක්.
විභාගය පැවැත්වෙන කාලසීමාවේ ආපදා තත්ත්වයක් ඇතිවුවහොත්, ඒ සඳහා මුහුණදීමට ද, විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව, විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
එවැනි තොරතුරු 117 අංකයෙන්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට දැනුම්දිය හැකියි.
එමෙන්ම 1911 අංකයෙන් ද විභාග දෙපාර්තමේන්තුවට ඒ පිළිබඳ දැනුම් දිය හැකිවනවා.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ හදිසි මෙහෙයුම් මැදිරියේ ස්ථාපිත ජාතික විභාග හදිසි මෙහෙයුම් ඒකකයට ද, තොරතුරු ලබා දිය හැකියි.
ඒ, 0113 66 80 26 සහ 0113 66 80 32 යන දුරකතන අංක ඇමතීමෙන්.











