Global Platform For All Sri Lankans

Lanka Hit News

වෙනම අපේක්ෂක තීරණයෙන්, පොහොට්ටුව දෙකඩ වෙන හැඩක්…

ශ‍්‍ර ී ලංකාවේ ජනාධිපතිවරණය ළ`ග ළ`ගම එයි. ප‍්‍රධාන පක්ෂ සහ ඒවායෙ ්
දෙ ්ශපාලනඥයෝ ජනාධිපතිවරණය පිළිබ`ද බොහෝ දෙ ් කියති. එකම පක්ෂයෙ ් සමහර
දෙ ්ශපාලනඥයන්ගේ අදහස් එකිනෙක හා ගැටෙන අවස්ථාද පෙනේ. දේශපාලනඥය ින්
බොහෝ දෙනා කතා කරන්නේ විරුද්ධ පක්ෂ අභ්‍යන්තරයේ ආරවුල්ය. ඒ තමන්ගෙ ්
පක්ෂය තුළ කැකෑරෙන ආරවුල් රට්ටුන්ගෙන් වසන් කර ගැනීමේ උපායක් වශයෙන් යැය ි
කියති. රටට මොකක්ද වෙන්න යන්නේ හා වැටුන තැනින් රට නැගිට ගන්නේ කෙසේදැයි
කිසිම අදහසක් ඔවුන්ගෙන් පළ නොවේ. ආත්මාර්ථකාමි දෙ ්ශපාලනය මෙවර
ජනාධිපතිවරණයෙ ් කැපී පෙනෙන ලක්ෂණය වී ඇතැයි මධ්‍යස්ථ දෙ ්ශපාලන
මතධාරින්ගේ අදහස් වී තිබේ. ජනතාවද පසුවන්නේ කිසියම් වූ අන්දමන්ද ස්වභාවයකිනි.
ජනාධිපතිවරණයක් ආවත් එකයි, නාවත් එකය ි වැනි හැ`ග ීමක් ඔවුන්ගෙන් දකින්නට
ලැබේ. ජනතාවගේ මානසික තත්ත්වය කෙසේ වෙතත් ජනාධිපතිවරණ ‘ඉල්ලම’
ගොඩදමා ගන්නේ කොහොමදැයි කල්පනා කරමින් ප‍්‍රධාන පක්ෂවල ප‍්‍රබලයෝ දෙ ්ශපාලන
දාම් ලෑල්ලේ ඉත්තෝ එහාට මෙහාට අදිති.
පොහෝට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා වශයෙන් ව්‍යාපාරික ධම්මික පෙරේරා නම්
කිරීමට බොහෝ දුරට ඉඩ තිබේ. මෙමස 06 වැනිදා සිය අපේක්ෂකයා නම් කරන බව
පොහෝට්ටුව පවසය ි. එහෙත් එවැනි තීරණයක් ගැනීමට මහින්ද, බැසිල්, චමල් ඇතු`ථ
පක්ෂයේ සෙසු ප‍්‍රබලයින්ට සිදුවී ඇත්තේ නාමල් රාජපක්ෂගෙ ් බලපෑම් හේතුවෙන් යැය ි
දෙ ්ශපාලන ආරංචි මාර්ග පවසය ි. නාමල්ගෙ ් අදහස වන්නේ මෙය පක්ෂයේ ප‍්‍රශ්ණයක්
බවය ි. එය විස`දාගත යුතුව ඇත්තේ පක්ෂයෙ ් මන්ත‍්‍රිවරයකු ජනාධිපති අපේක්ෂකයා ලෙස
නම් කිරීමෙන් පමණක් බව ඔහු දරන මතය වේ.එහෙත් පක්ෂයෙ ් නායකය ින්ගේ අදහස වී
ඇත්තේ රනිල් වික‍්‍රමසිංහට සම්පූර්ණ සහය දී ජනාධිපතිවරණයෙන් ඔහු දිනවිය ය ුතු
බවය ි.

කෙසේ වෙතත් මේ වනවිටත් පොහොට්ටුවේ දේශපාලනඥය ින් 92ක් පමණ රනිල්
වික‍්‍රමසිංහට සහය දීමට එක`ග වී සිටින අතර ඔවුන් බොහෝ දෙනෙක් රනිල්ගෙ ්
ජනාධිපතිවරණ ප‍්‍රචාරක වේදිකාවේ ප‍්‍රධාන කඨිකයන් බවට පත්වී සිටිති. මහින්දගෙ ්
කු`ථපග මිත‍්‍රයකු වන අනුරාධපුරයෙ ් එස්.එම්. චන්ද්‍රසේන සිය ප‍්‍රාදේශිය බල මණ ්ඩලයෙ ්
බහුතරයකගෙ ් කැමැත්ත මත රනිල්ගෙ ් සහායට ඉදිරිපත් වී සිටී. ශ‍්‍ර ීලනිපයේ නිමල් සිරිපාල
ද සිල්වා මේ වනවිටත් රනිල්ගේ පැත්තේ සිටගෙන සිටී. නුදුරු දිනෙක ශ‍්‍ර ිලනිපයෙ ් දයාසිරි
ජයසේකරද රනිල් සමග එක්වනු ඇතැයි දෙ ්ශපාලන ආරංචි මාර්ග පවසයි.
මෙම අර්බුද මැද්දේ දැන් මතු වී තිබෙන අ`ථත්ම ප‍්‍රශ්නය වන්නේ ධම්මික පෙරේරා
පොහෝට්ටුවේ ජනාධිපති අපේක්ෂකයත්වය භාර නොගනීවිද යන්නය ි. පොහෝටුවේ
ප‍්‍රබලයන් රනිල් වටා එකතු වෙමින් එම පවුර ශක්තිමත් කරන අවස්ථාවේ රුපියල් කෝටි
ගණනින් මහා ධනස්කන්දයක් වියදම් කොට පොහෝට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා
වීමෙන් තමන්ට අත්වන වාසිය මොකක්දැය ි මේ වනවිට මෙම ව්‍යාපාරිකයාගේ මනස දැඩි
සේ කළඹන ප‍්‍රශ්ණය වී ඇතුවාට සැකයක් නැත. ගිලෙන නැවෙන් මීයෝ පනින විට එම
නැවේ කප්පිත්තා වීමෙන් තමන්ට සිදුවන්නේ අකාලයෙ ් නැසෙන්නටදැය ි ධම්මික වැනි
ව්‍යාපාරිකයකුට නොසිතුනොත් එයද පුදුමයකි.
රනිල් දිනවීමට එකතු වී සිටින පොහෝට්ටුවේ තවත් ප‍්‍රබලයකු වූ නිමල් ලාන්සා,
ව්‍යාපාරික ධම්මික පෙරේරා සමග පැය දෙකක් පුරා රහස් සාකච්ජාවක් පවත්වා ඇත්තේ
මෙවැනි දෙ ්ශපාලන වටපිටාවකය. තමන් ඇතු`ථ පොහෝට්ටුවේ ප‍්‍රබලයන් රනිල් දිනවීමට
ඔහුගෙ ් වේදිකාවට නගින මේ මොහොතේ පොහෝට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා
වීමෙන් ධම්මිකට සිදුවන අනර්ථය ‘ලූණ ුඇඹ ුල්’ ඇතිව ලාන්සා විසින් ධම්මිකට කියා
දෙන්නට ඇතැය ි දෙ ්ශපාලන විචාරකය ින්ගෙ ් අදහස වී තිබේ.

පොහෝට්ටු අද ඇද වැටී තිබෙන මෙම තත්ත්වයට සම්පූර්ණයෙන් වගකිව යුත්තේ
නාමල් රාජපක්ෂ යැය ි ඔවුන් පෙන්වා දෙයි. පොහෝට්ටුව ළකුණ යටතේ පක්ෂයෙන්
අපේක්ෂකයෙක් ඉදිරිපත් කළය ුතු යැයි සටන ආරම්භ කළේ ඔහුය. ඔහුගෙ ් සහයට රෝහිත
අබේග ුණවර්ධන, සාගල කාරියවසම් ඇතු`ථ කීප දෙනෙක් එක්වූහ. ය ූ.ඇන්.පී. කාරයෙක්
නොවී රනිල් හිටිහැටියෙ ් ස්වාධීන අපේක්ෂකයකු සේ ඇප මුදල් තැන්පත් කරනු ලැබුවේ
නාමල්ගේ මෙම බලය බි`ද පොහෝට්ටුවේ සහය ලබා ගැනීමේ අපේක්ෂාවෙනි. ඒ සටනින්
රනිල් දින්නේය. මොන තරම් පක්ෂය පැරැණි වුවත්, එජාප පාක්ෂිකයෝ මොන තරම්
රටේ සිටියත් ජනාධිපතිවරණයෙ ්දී පොහෝට්ටුවේ බලය ලබා ගැනීමට රනිල් තීරණය
කළෙ ් එජාපයෙ ් ජන්ද ‘ගෙඩිය’ පිටින් දැන් සජිත් අතට මාරු වී තිබෙන බැවිණ ි. රනිල්
එජාපයේ ජනපති අපේක්ෂකයා වුවහොත් ඔහුට සහය දෙන්නේ කෙසේදැයි යන ප‍්‍රශ්ණය
පොහෝට්ටුවේ මන්ත‍්‍රින් අතරේ නිසැකව මතුවෙයි. එබැවින් රනිල් ස්වාධීන වූයේය.
මේ වනවිට රනිල් දිනවීමේ මාධ්‍ය මෙහෙය ුම ක‍්‍රියාත්මක වී තිබෙන්නේ විදේශීය
සමාගම් දෙකක් හරහා බව ආරංචි මාර්ග පවසයි. එහි නිලධාරින් කීප දෙනෙක් මේ
වනවිටත් කොළඹ ලෝරිස් මාවත, ප්ලවර් මාවත හා කොල්ලූපිටියේ මෙහෙයුම් කාර්යාල
03ක් අරඹා තිබේ. ඩිජිටල්, ම ුද්‍ර ිත හා රූපවාහ ිනි වශයෙන් මෙම ආයතන තුන රනිල්ගේ
ජනපතිවරණ සටනේ ප‍්‍රචාරක වැඩකටයුතු අරඹා තිබේ. මොවුන් හා රනිල් අතරේ
සම්බන්ධිකරණ නිලධාරිනිය ලෙස කටය ුතු කරන්නේ අමාත්‍ය ප‍්‍රසන්න රණතුංගෙ ්
දියණ ියක වන ආර්චනා රණතුංගය.

තමන්ගෙ ් පරම සතුරා රනිල් යැයි සජිත් විශ්වාස කරයි. එම විශ්වාසයේ හි`දිමින් සජිත්,
රනිල් හැරෙන, හැරෙන පැත්තට හැරෙමින් පහර දීගෙන යයි. ඒ බව රනිල් නොදන්නවා
නොවේ. මේ මොහොතේ රනිල්ට අවශ්‍ය වන්නේ සජිත් සතු බලය යළ ිත් තමන් වෙත
දිනා ගනිමින් සජිත්ගෙ ් දේශපාලන බලය උපක‍්‍රමශීලි ආකාරයෙන් සුනුවිසුනු කර දැමීමය ි.

ඊට අවශ්‍ය බලශක්තිය මේ වනවිට පොහොට්ටුවෙන් රනිල් වෙත හිමිවෙමින් පවතී. තමන්
වටා තිබූ එජාපයෙ ් බලය උදුරාගත් සජිත්ට දෙ ්ශපාලනික වශයෙන් හො`ද ‘පාඩමක්’
මෙවර ජනාධිපතිවරණයෙ ්දී ඉගැන්වීමට ශූර, කපටි ඥානයක් සතු රනිල් නොසිතන්නේ
නම් එයද පුදුම වියය ුතු කරුණකි.
සජිත් කැමැති තනියෙන් ‘ර`ගපාන්නට’ය. කිසිවෙකුට පක්ෂය තුළ නැගෙන්නට
ඔහුගෙන් ඉඩක් නැතැය ි ැසිවිලි නැගෙ ්. මෙම තත්ත්වය යටතේ රාජිත සේනාරත්න ඇතු`ථ
බොහෝ මන්ත‍්‍රිවරුන් පිරිසක් සජිත් සමග පසුවන්නේ සිහින් කෝපයෙනි. ‘‘සජිත් සමග
ඉන්නත් බැහැ..යන්න තැනකුත් නැහැ..’’යන දෙගිඩියාවෙන් ඔවුන් පෙලෙති. එජාපයෙන්
ඉවත් වී සජිත් සමග එකතු වන්නට රාජිත ඇතු`ථ පිරිසට බලපෑ ප‍්‍රධාන හේතු වූයෙ ් රනිල්
හා ‘රාජපක්ෂ’ ක`දවුර අතරේ තිබූ සමීප සබ`දතාවයි. රටපුරා නැගුන රාජපක්ෂ විරෝධය
හා අරගලයෙ ් කැරැල්ලද පක්ෂය හැර යන්නට තදින් බලපෑ අනෙක් කරුණුය. මේ වනවිට
රනිල් ස්වාධීනය. රනිල් නියම වේලාවේදී ඔහු තමන් අත තිබෙන දැල විසිකර අවශ්‍ය
මසුන් දැළට අසුකර ගනු නිසැකය. එම දැළට රාජිත ඇතු`ථ පිරිසක් අසුවනු නිසැක යැය ි
දෙ ්ශපාලන විචාරකයින්ගේ අදහසය ි. හුදු ප‍්‍රචාරය පසුපස ඉවක් බවක් නැතිව දිවයන
සජිත් ජන්දය දිනීම පමණක් අරම ුණු කොට ජනතාව ඉදිරියෙ ් මහා පුරසාරම් වයන නම ුත්
ඒවා ඉටු කිරීමට ම ුදල් සොයා ගන්නේ මොන ආකාරයෙන්දැයි නොපවසන්නේ ඒවා
හුදෙක් බොළ`ද දෙ ්ශපාලන පොරොන්දු පමණක් බැවින් යැයි ඔවුන් වැඩිදුරටත් පෙන්වා
දෙති.

ජනමාධ්‍ය ඇමැති බන්ධුල ගුණවර්ධනගෙ ් දැඩි දේශපාලන බලපෑම් හේතුවෙන්
ඔබසෝවර් කර්තෘ ප‍්‍රමෝද් සිල්වා සහ ඬේලිනිව්ස් කර්තෘ ජයන්ත නිශ්සංක ඉල්ලා අස්වූහ.
අනතුරුව ජයන්ත කැනඩාවට ග ියෙ ්ය. ඉන් අනතුරුව ඬේලිනිව්ස් කර්තෘ පදවිය භාරවූයේ
කේසර අබේවර්ධනටය. මේ වනවිට ලැබෙන ආරංචි අනුව පෙනී යන්නේ මහා
කලකිරීමෙන් පසුවන කේසරද නුදුරු දිනෙක සිය පදවිය අතහැර යන
බලාපොරොත්තුවෙන් පසුවන බවයි. ජනමාධ්‍ය අමාත්‍යංශයෙ ් සෑම අ`ගහරුවාදා දිනකම
සවස 2ට පුවත්පත් හා විද්‍යුත් මාධ්‍ය ප‍්‍රධානින් කැ`දවන බන්ධුල ග ුණවරධන ඇමැතිවරයා
පැය තුනක පමණ කාලයක් කා දමමින් තමන්ගෙ ් ප‍්‍රතිරූපය පුම්බා ගන්නට දරන
උත්සාහය මාධ්‍ය ආයතන ප‍්‍රධානීන්ගෙ ් දැඩි පිළිකුලටත්, කළකිරීමටත් හේතු වී තිබේ.

– අනුර හොරේෂස්…

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

Top Headlines

ඕස්ට්‍රේලියානු පුරස්ථි ග්‍රන්ථිය සහ පියයුරු පිළිකා රෝගීන්ට සහන මිලට ඖෂධ ගන්න යෝජනා ක්‍රමයක්

පුරස්ථි ග්‍රන්ථිය සහ පියයුරු පිළිකා ඇති ඕස්ට්‍රේලියානුවන්ට දැන් ඖෂධ ප්‍රතිලාභ යෝජනා ක්‍රමය (PBS) යටතේ දැරිය හැකි මිලකට නව සහ පුළුල්

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads