Global Platform For All Sri Lankans

Lanka Hit News

ලෝකයක් ජය ගන්න ගිය තරුෂිට ලංකාවේම අවධානය..

 

ශ්‍රී ලංකා මැදි දුර ධාවන ශූරී 21 හැවිරිදි තරුෂි දිල්සරා කරුණාරත්න ඔලිම්පික් උළෙලේ මලල ක්‍රීඩා මීටර් 800 (කාන්තා) ඉසව්වේ මූලික වටයට අද (02) සභභාගිවීමට නියමිතයි . ක්‍රීඩිකාවන් 50 දෙනෙකු නිර්දේශවී සිටින මෙම ඉසව්වේ මූලික වටය තරග හයකින් සමන්විතයි.. එය ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 11.15 ට (ප්‍රංශ වේලාවෙන් රාත්‍රී 7.45) ආරම්භ වීමට නියමිතයි.

තරුෂි එහිදී හය වැනි මූලික වටයේ තරගයට සහභාගි වන අතර, මෙම ඉසව්වේ ලෝක ශ්‍රේණිගත කිරීම අනුව ශ්‍රී ලංකා ක්‍රීඩිකාව 48 වැනි ස්ථානයේ පසු වනවා. පැරිස් ඔලිම්පික් මලල ක්‍රීඩා ඉසව් අතරින් සුදුසුකම් නොළත් පංගු ක්‍රමය ඔස්සේ මීටර් 800 (කාන්තා) ඉසව්වට ක්‍රීඩිකාවන් තිදෙනකු තෝරා ගැනෙයි.

ඒ අනුව, විනාඩ් 1 තත්පර 59.30 කට කෙළින්ම නිර්දේශ තහවුරු කර ගත් ක්‍රීඩිකාවන් 33 දෙනෙකු හැරෙන්නට තරුෂි ඇතුළු අද තරග වදින , ඉතිරි ක්‍රීඩිකාවන් 14 දෙනෙකු ශ්‍රේණිගත ලකුණු ක්‍රමයෙන් පැරිස් ඔලිම්පික් නිර්දේශ ලබා සිටිති.

තරුෂි තරග වදින සිව් වැනි මූලික වටයේ තරගකාරියන් දෙස බැලීමේදී බහමාස් ක්‍රීඩිකා 33 හැවිරිදි ජුලී ටොපින් නතායා ඉදිරියෙන්ම පසු වන්නේ විනාඩි 1 තත්පර 55.96 ක ඇගේ මෙතෙක් ඉසව්වේ හොදම නිමි කාලය වාර්තා කරමිණි. ඇය පැරිස් ඔලිම්පික් තරග වදින්නේ ලෝක ශ්‍රේණිගත 6 වැනි ස්ථානයේ පසු වෙමිණි.

ශ්‍රී ලංකා ක්‍රීඩිකා තරුෂි 2023 බැංකොක් ආසියානු ශූරතා තරගාවලියේදී විනාඩ් 2 තත්පර 00.66 කට නව වාර්තාවක් පිහිටුවමින් රන් පදක්කම දිනා ගැනීමේදී පළ කළ නිමි කාලය මෙතෙක් ඉසව්වේ ඇගේ හොඳම කාලය ලෙසත් වාර්තා වී තිබෙනවා.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

Top Headlines

ඕස්ට්‍රේලියානු පුරස්ථි ග්‍රන්ථිය සහ පියයුරු පිළිකා රෝගීන්ට සහන මිලට ඖෂධ ගන්න යෝජනා ක්‍රමයක්

පුරස්ථි ග්‍රන්ථිය සහ පියයුරු පිළිකා ඇති ඕස්ට්‍රේලියානුවන්ට දැන් ඖෂධ ප්‍රතිලාභ යෝජනා ක්‍රමය (PBS) යටතේ දැරිය හැකි මිලකට නව සහ පුළුල්

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads