Global Platform For All Sri Lankans

Lanka Hit News

මැද පෙරදිග ගැටුම් හේතුවෙන් , මෙරට ක්ෂේත්‍ර ගණනාවකට බාධා ඇතිවන හැඩක්..

 

මැද පෙරදිග පවතින යුදමය වාතාවරණය හමුවේ ශ්‍රී ලංකාවේ ඇඟලුම් ක්ෂේත්‍රය ඇතුළු ක්ෂේත්‍ර ගණනාවකට බාධා ඇතිවිය හැකි බව එම ක්ෂෙත්‍රවල විද්වතුන් පවසනවා.

මේ අතර, ඊශ්‍රායල හමුදාව විසින් ඝාතනය කළ හිස්බුල්ලා ජ්‍යෙෂ්ඨ හමුදාපති ෆුවාඩ් ෂුක්ර්ගේ අවමංගල උත්සවය ලෙබනනයේ බේරුට් අගනුවරදී පැවැත්වුනා.

එවන් පසුබිමක ඊශ්‍රායලය තම සීමාව ඉක්මවා ගොස් ඇති බවටයි හිස්බුල්ලා නායක හසන් නසරල්ලා චෝදනා කරන්නේ.

හිස්බුල්ලා ප්‍රධානී ෆුවාඩ් ෂුකර් ඉලක්ක කර ප්‍රහාරක ජෙට් යානා යොදා ගනිමින් මෙම ප්‍රහාරය සිදුකළ බවයි ඊශ්‍රායල හමුදාව පවසන්නේ.

මේ අතර හිස්බුල්ලා සංවිධානය ඊශ්‍රායලයට එරෙහිව පළමු රොකට් ප්‍රහාර එල්ල කරනු ලැබුවා.

කෙසේවෙතත් ප්‍රහාරවලින් කිසිදු මරණයක් වාර්තා වී නොමැත.

ඊශ්‍රායලය තම සීමාව ඉක්මවා ගොස් ඇති බවට හිස්බුල්ලා සංවිධානයේ නායක හසන් නසරල්ලා ප්‍රකාශ කර තිබෙනවා.

ඔහු මේ බව සඳහන් කර ඇත්තේ සිය සංවිධානයේ හමුදා ප්‍රධානියා ඝාතනය කිරීමට ප්‍රතිචාර දක්වමින්.

ඊට ඊශ්‍රායලයට වන්දි ගෙවීමට සිදුවනු ඇති බවටද හිස්බුල්ලා නායකයා ප්‍රකාශ කර තිබෙනවා.

එමෙන්ම ඉරානයද දැඩි චෝදනාවක් එල්ල කරන්නේ ඊශ්‍රායලයට එරෙහිව ඉදිරියේදී දැඩි ක්‍රියාමාර්ග ගැනීමට කිසිසේත් පසුබට නොවන බවටයි.

මේ අතර, යුරෝපයේ ප්‍රමුඛතම ගුවන් සමාගම්වන Air India, FlyDubai සහ තවත් ගුවන් සේවා කිහිපයක් ඊශ්‍රායලයේ ටෙල් අවිව් ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත සහ ඉන් පිටවන සියලුම ගුවන් ගමන් අගෝස්තු 8 වැනිදා දක්වා අවලංගු කර තිබෙනවා.

එමෙන්ම ජොර්දානය පවසන්නේ ගුවන් ගමන්වලදී විනාඩි 45කට සරිලන අමතර ඉන්ධන රැගෙන යාමට කටයුතු කරන්නේ පවතින තත්ත්වය හමුවේ හදිසි ගොඩබැම් වලට මුහුණ දීමට සිදු වේ යැයි උපකල්පනය කරමින්.

අමෙරිකා, බ්‍රිතාන්‍ය, ඔස්ට්‍රේලියානු සහ ඉන්දියානු ජාතිකයින්ට හැකි ඉක්මණින් ලෙබනනයෙන් ඉවත්වන ලෙසද එම රජයන් දැනුම් දී තිබෙනවා.

ඒ ඊශ්‍රායලය සහ හිස්බුල්ලා සංවිධානය අතර ගැටුම් උත්සන්න වීමේ අවදානමක් ඇති බැවින්.

ඉරානයේදී ඝාතනයට ලක්වූ හමාස් සංවිධානයේ ප්‍රධානියා වන ඉස්මයිල් හනියේගේ අවසන් කටයුතු අද කටාර් රාජ්‍යයේ දෝහා හි පැවැත්විමට නියමිතයි.

එමෙන්ම අර්බුදය උත්සන්න වුවහොත් එම කලාපයේ සිටින ශ්‍රී ලාංකිකයන් කඩිනමින් ගෙන්වා ගැනීමට පියවර ගන්නා බව ඊයේ(01) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී විදේශ අමාත්‍ය අලි සබ්රි වැඩිදුරටත් සඳහන් කළා.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

Top Headlines

ඕස්ට්‍රේලියානු පුරස්ථි ග්‍රන්ථිය සහ පියයුරු පිළිකා රෝගීන්ට සහන මිලට ඖෂධ ගන්න යෝජනා ක්‍රමයක්

පුරස්ථි ග්‍රන්ථිය සහ පියයුරු පිළිකා ඇති ඕස්ට්‍රේලියානුවන්ට දැන් ඖෂධ ප්‍රතිලාභ යෝජනා ක්‍රමය (PBS) යටතේ දැරිය හැකි මිලකට නව සහ පුළුල්

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads