2025 වසරේ මුල් මාස 10 සඳහා සමස්ත සංචාරක ඉපැයීම් ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 2,659ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.
ඒ අනුව 2025 ඔක්තෝම්බර් මාසයේ දී වාර්තා වී ඇති සංචාරක ඉපැයීම් ප්‍රමාණය ඩොලර් මිලියන 186.1ක්.
මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරන්නේ 2024 මුල් මාස 10හි සංචාරක ඉපැයීම් ප්‍රමාණය වූ ඩොලර් මිලියන 2,533.7 හා සැසඳීමේ දී මෙය 4.9%ක වර්ධනයක් බවයි.
මේ අතර ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නවතම සංඛ්‍යාලේඛනවලට අනුව 2025 ජනවාරි සිට නොවැම්බර් 12 දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 1,972,957ක්.
ඒ අතරින් සංචාරකයින් 443,622ක් ඉන්දියාවෙන්, 180,592ක් එක්සත් රාජධානියෙන්, 144,308ක් රුසියාවෙන්, 123,053ක් ජර්මනියෙන් සහ 115,400ක් චීනයෙන් පැමිණි බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ.
එමෙන්ම නොවැම්බර් මාසයේ 01 වනදා සිට 12 වනදා දක්වා කාලය තුළදී මෙරටට පැමිණ ඇති විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 82,270ක් වනවා.











