දේශීය

‘රටම එකට’ ජාතික මෙහෙයුමෙන් සැකකරුවන් 1115ක් අත්අඩංගුවට

විෂ ‍මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීමේ “රටම එකට“ ජාතික මෙහෙයුම යටතේ ඊයේ (15) සිදුකළ මෙහෙයුම්වලින් පුද්ගලයින් 1115ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එහිදී ඊයේ දිනයේ වැටලීම් 1131ක් සිදුකර ඇති බවයි පොලීසිය පැවසුවේ.

එම සැකකරුවන් සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 531ක් ද, අයිස් ග්‍රෑම් 754ක්, ගංජා කිලෝ 08යි ග්‍රෑම් 953ක්, මත්පෙති 249ක් ඇතුළු මත්ද්‍රව්‍ය තොගයක් පොලීසිය විසින් සොයාගෙ තිබෙනවා.

එමෙන්ම පොලිසිය ප්‍රකාශ කළේ සැකකරුවන් 31 දෙනෙකුට රැඳවුම් නියෝග නිකුත් කර ඇති අතර තවත් 63දෙනෙකු පුනරුත්ථාපනය සදහා යොමුකර ඇති බවයි.

Shares: