Global Platform For All Sri Lankans

ලාල්කාන්ත අත්අඩංගුවට ගන්නැයි CIDයට පැමිණිල්ලක්..

 

ගෝල්ෆේස් අරගලය පාර්ලිමේන්තුව දෙසට හැරවීමට ගත් උත්සහය අසාර්ථක වූ බවට සිදු කල ප්‍රකාශය සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ විධායක සභික කේ. ඩී. ලාල්කාන්ත අත්අඩංගුවට ගෙන විමර්ශනයක් සිදු කරන ලෙස ඉල්ලා සමගි ජන බලවේගයේ නීතිඥවරුන් පිරිසක් ඊයේ(09) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් සිදු කළා.

කෙසේ වෙතත්, තමා විසින් සිදුකළ ප්‍රකාශ සම්බන්ධයෙන් ගැටලු‍වක් ඇත්නම් ඒ පිළිබදව අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට පැමිණීලි කරන්න ලෙසයි කඩුගන්නාව ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් පසුගියදා ඔහු සඳහන් කළේ.

කෙසේ වෙතත්, කේ ඩී. ලාල් කාන්තගේ ප්‍රකාශය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවට සමගි ජන බලවේගයේ තරුණ නීතිඥවරුන්ගේ සංගමයේ නියෝජ්‍ය නිති ලේකම් නීතිඥ රජිත ලක්මාල් පැමිණිල්ලක් ඉදිරිපත් කළා.

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads