Global Platform For All Sri Lankans

මධ්‍යසාර මිල අඩුවෙයිද ? ඇත්ත මෙන්න

 

සුරාබදු කොමසාරිස්වරයාගේ කාර්යය විය යුත්තේ මද්‍යසාරවල මිල අඩු කරන ලෙස මද්‍යසාර නිෂ්පාදන සමාගම්වලින් ඉල්ලමින් ජනතාවගේ මද්‍යසාර භාවිතය වැඩි කිරීමට කටයුතු කිරීම නොව, මද්‍යසාර සමාගම්වලින් අයකර ගත යුතු බිලියන ගණනක හිඟ බදු මුදල් රජයට අයකර ගැනීම බව මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂවරයා පවසනවා.

සුරාබදු දෙපාර්තුමේන්තුවට විධිමත්, කාර්යක්ෂම සුරාබදු අය කර ගැනීමේ ක්‍රමවේදයක් නොමැති වීම සහ මද්‍යසාර සමාගම්වලට වාසි සහගත ලෙස බදු අය කරගැනීම නිසා 2024.06.30 දින වන විට සුරාබදු දෙපාර්තුමේන්තුව අහිමි කරගෙන ඇති මුළු හිඟ සුරාබදු හා අයභාරය රුපියල් බිලියන 1.8ක් වනවා.

මේ පිළිබඳ විමර්ශනය කරන ලද පාර්ලිමේන්තු ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාව, සුරාබදු කොමසාරිස් ජනරාල් එම කාරක සභාව මග හැරීම සහ කාරක සභාවේ නිර්දේශයන් නොසළකා හැරීම පාර්ලිමේන්තුවටත් කමිටුවටත් කරන අගෞරවයක් බව එහි සභාපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා.

තවද එම හිඟ සුරාබදු සම්පූර්ණයෙන් අය කර ගන්නා ලෙසට කරන ලද නිර්දේශය සුරාබදු දෙපාර්තමේන්තුව විසින් පැහැර හැරීම පිළිබඳ පාර්ලිමේන්තු ක්‍රම හා විධි පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ දැඩි අප්‍රසාදයට ද ලක් වී තිබෙනවා.

එවන් පසුබිමික පසුගිය දා මාධ්‍ය අණාවරණය කර තිබුණේ සුරාබදු කොමසාරිස්වරයා මද්‍යසාර මිල පහළ දමන ලෙස මද්‍යසාර සමාගම් වලින් ඉල්ලා ඇති බවයි.

සුරාබදු කොමසාරිස්වරයාගේ කාර්යය විය යුත්තේ රටේ දැනටමත් බිලියන ගණන් හිඟ සුරා බදු ගෙවීම පැහැර හරිමින් සිටින මද්‍යසාර නිෂ්පාදකයන්ගෙන් හිඟ සුරා බදු අය කර ගැනීමයි.

තවද නීත්‍යානුකූල නොවන ආකාරයට වෙළද පොළට එන මද්‍යසාර නීතියේ රැහැනට යටත් කීරීම සහ වෙළඳපොළ තුළ ඇති සුරාබදු නොගෙවා අළෙවියට ඇති මද්‍යසාර හඳුනා ගැනීමත් ඒවා වෙළද පොළට නිකුත් කළ කූඨ ව්‍යාපාරිකයන් නීතියේ රුහැනට ගෙන ඒමයි. තවද එවැනි තත්වයන් ඇති වීම වැළැක්වීම සුරාබදු කොමසාරිස්වරයාගේ සහ එම දෙපාර්තුමේන්තුවේ ප්‍රමුඛ කාර්යක් වනවා.

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads