උණුසුම් පුවත්

තවත් සුළි කුණාටුවක් ගැන පැතිරෙන කතා අසත්‍යයයි : කාලගුණ දෙපාර්තමේන්තුව

ඉදිරි දින කිහිපයේදී මෙරට තුළ ඇතිවිය හැකි සුළි කුණාටුවක් සම්බන්ධයෙන් පැතිර යන ප්‍රචාරයන් අසත්‍ය බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ලබන 4 සහ 5 යන දෙදින තුළ වැසි සහිත කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කළ හැකි නමුත්, ඉන් විශාල බලපෑමක් සිදුනොවනු ඇති බවයි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ මලිත් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේ.

මේ අතර, ජල ගැලීම් පවතින ස්ථාන නැරඹීම සඳහා දරුවන් රැගෙන යාමෙන් වළකින ලෙස සෞඛ්‍ය අංශ දෙමාපියන්ගෙන් ඉල්ලීමක් කරනවා.

රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා කියා සිටියේ ජල ගැලීම්වලින් අනතුරුව විවිධ රෝග ව්‍යාප්ත වීම හමුවේ දරුවන්ගේ සුරක්ෂිතභාවය ආරක්ෂා කරන ලෙසයි.

Shares: