පොලීසිය විසින් ආරම්භ කර ඇති ”රටම එකට ජාතික මෙහෙයුම” යටතේ ඊයේ (14) දිනයේදී පුද්ගලයින් 981 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
දිවයින පුරා මත්ද්‍රව්‍ය සැපයුම අඩාල කිරීම, මත්ද්‍රව්‍යවලට ඇති ඉල්ලුම අවම කිරීම, මෙහෙයුම් පුළුල් කිරීම, ඇබ්බැහිවූවන් පුනරුත්තාපනය කිරීම, මත්ද්‍රව්‍ය දුර්භාවිතය වැළැක්වීම මෙහි මූලික අරමුණයි.
ඒ අනුව පසුගිය සැප්තැම්බර් මස සිට මෙම මෙහෙයුම් ආරම්භ කෙරුණා.
එහිදී සිදුකරන ලද මුළු වැටලීම් 987 අතරිනුයි මෙම සැකකරුවන් පිරිස පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ.
එම මෙහෙයුමේදී හෙරොයින් ග්‍රෑම් 513ක්ද, අයිස් ග්‍රෑම් 890ක්ද, ගංජා පැල 35,349ක්ද ඇතුළු මත්ද්‍රව්‍ය රැසක්ද පොලිස් භාරයට ගෙන තිබුණා.











