දිවයින පුරා රජයේ රෝහල්වල රජයේ වෛද්‍යවරු හෙට (26) සිට අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.
ඒ සෞඛ්‍ය අමාත්‍යාංශය එකඟ වූ විසඳුම් ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වීම හේතුවෙන්.
අද පස්වරුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතායි මේ බව සඳහන් කළේ.
ඒ අනුව හෙට උදෑසන 08.00 සිට දිවයින පුරා රජයේ රෝහල්වල වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයකට එළඹෙනු ඇති.











