ඌව පළාතේ පාසල් සියල්ල මේ මස 29 වනදා ආරම්භ කිරීමට තීරණය කර ඇතැයි අමාත්‍යාංශ ලේකම් නාලක කලුවැව මහතා පවසනවා.
ගංවතුරෙන් කුමන හෝ ආකාරයක බලපෑමට ලක්ව ඇති පාසල් විවෘත නොකිරීමට බලපාන ප්‍රධාන කරුණ වන්නේ ප්‍රවාහන අපහසුතා හෝ සහන කඳවුරු ක්‍රියාත්මක වීම බවයි ඒ මහතා ප්‍රකාශ කළේ.
එමෙන්ම කල්දැමූ උසස් පෙළ විභාගය තවත් දින 7ක් පුරා පැවැත්වීමට නියමිත බවයි මෙහිදී අදහස් දක්වමින් විභාග කොමසාරිස් ඉන්දිකා ලියනගේ මහත්මිය කියා සිටියේ.
ඇය පැවසුවේ 2026 ජනවාරි 12 වන දා සිට ජනවාරි 20 වන දින දක්වා එම විභාගයන් පැවැත්වෙන බවත්, එහිදී ප්‍රශ්න පත්‍රයක දෙක කොටස පමණක් ඇති විෂයන් 5ක්, පළමු ප්‍රශ්න පත්‍රයට පමණක් පිළිතුරු ලියන්න ඉතිහාසය විෂය පමණක් ඇති බවත්, ප්‍රශ්න පත්‍ර එක හා දෙක කොටස දෙකම ඇති සම්පූර්ණ විෂයන් 10ක් එම කාලය තුළ පැවැත්වීමට නියමිත බවයි.
එමෙන්ම සිසුන් 202,627ක් ඉදිරි දින කිහිපය තුළ කුමන හෝ විෂයක් සඳහා පෙනී සිටීමට නියමිත බවද පැවසු විභාග කොමසාරිස්වරිය, පැවති ආපදා තත්ත්වය හමුවේ වෙනස් විභාග මධ්‍යස්ථානයක අවශ්‍යතාවයක් තිබේ නම් විදුහල්පතිවරයා හරහා විභාග දෙපාර්තමේන්තුව දැනුවත් කළ හැකි බව ද සඳහන්.
මේ අතර, පෞද්ගලික අයදුම්කරුවන්ට ඍජුවම 1911 හෝ 0112 784 208, 0112 784 537 හෝ 0112 788 616 යන දුරකථන අංකයන්ට කතා කර විභාග දෙපාර්තමේන්තුව අමතා වෙනත් විභාග මධ්‍යස්ථානයක් ඉල්ලා ගැනීමට හැකියාව ඇති බවයි විභාග කොමසාරිස් ලියනගේ මහත්මිය පැවසුවේ.











