Global Platform For All Sri Lankans

“වාර්ගික හෝ ආගමික කරුණු පදනම් කර ගනිමින් මම මැතිවරණ කරන්නේ නෑ” රනිල්

 

වාර්ගික හෝ ආගමික කරුණු පදනම් කර ගනිමින් තමා මැතිවරණ කටයුතු නොකරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ ඊයේ (07) පෙරවරුවේ පැවති ලංකා අපෝස්තලික රදගුරු නිකායේ පදවි පිරිනැමීමේ සහ උපාධි ප්‍රදානෝත්සවයට එක්වෙමින්.

නිදහස් ක්‍රිස්තියානි දේවස්ථාන සඳහා ජාතික සම්බන්ධීකාරක ආචාර්ය කර්බී ද ලැනරෝල් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් සිසුන් 160 දෙනෙකුට පදවි හා උපාධි පිරිනැමීම මෙහිදී සිදු කෙරුණා.

වාර්ගික හෝ ආගමික කරුණු පදනම් කර ගනිමින් තමා මැතිවරණ කටයුතු නොකරන බවත්, සෑමවිටම ආගම පාලනයෙන් වෙන්ව තබා ගනිමින් සියලු ආගමිකයන්ට සම අවස්ථා ලබාදීම තම අරමුණ බවත් ජනපතිවරයා මෙහිදී පවසා සිටියා.

 

 

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads