Global Platform For All Sri Lankans

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සලකුණු කරන ලද තැපැල් ඡන්ද පත්‍රිකාව පිළිබඳ විමර්ශන..

සලකුණු කරන ලද තැපැල් ඡන්ද පත්‍රිකාවක ඡායාරූපයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස මැතිවරණ ‌කොමිෂන් සභාව පොලීසියට දැනුම්දී තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් වන පැමිණිල්ලක් මේ වන ‌විටත් ඉදිරිපත් කර ඇති බව යි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ.

පසුගිය 4,5 සහ 6 යන දිනවලදී මෙවර ජනාධිපතිවරණයට අදාළ ව තැපැල් ඡන්ද විමසීම සිදු කෙරුණා.

තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ විවිද පාර්ශ්ව විවිධ මත පළ කර තිබූ අතර, අපේක්ෂකයින් වෙනුවෙන් භාවිත කරන ලද ඡන්ද ප්‍රතිශත ද ඇතැම් පුද්ගලයින් සමාජ මාධ්‍ය ඔස්සේ නිකුත් කර තිබුණා.

කෙසේ වෙතත්, සලකුණු කරන ලද තැපැල් ඡන්ද පත්‍රිකාවක ඡායාරූපයක් සමාජ මාධ්‍ය ඔස්සේ පුද්ගලයෙකු විසින් මුදා හැර තිබු අතර , එය සම්පුර්ණයෙන්ම නීති විරෝධී ක්‍රියාවක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසා තිබුණා.

ඡායාරූපයක් ගැනීම හෝ එය ප්‍රදර්ශනය කිරීම මැතිවරණ පනත යටතේ දඩුවම් ලැබිය හැකි වරදක් බවත් සඳහන්.

ඒ අනුව අදාළ ඡායාරූපය සමාජ මාධ්‍ය වෙත යොමුකළ පාර්ශ්ව සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා උපදෙස් ලබාදී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළා.

 

 

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

Top Headlines

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads