Global Platform For All Sri Lankans

Miss International – 2024 කිරුළට හිමිකම් කියූ තිළිණි දිවයිනට..

Miss International – 2024 ජාත්‍යන්තර රූ රැජින තරගාවලියට සහභාගීව එහි ප්‍රථම ස්ථානය දිනාගත් තිළිණි කුමාරි ඊයේ රාත්‍රියේ (16) දිවයිනට පැමිණ තිබෙනවා.

තරගාවලිය පැවතියේ, ඉන්දුනීසියාවේ බාලි දූපත්හිදීයි.

පසුගිය 09 වැනිදා සිට 16 වැනිදා දක්වා පැවති මෙම තරගාවලිය සඳහා ලෝකයේ රටවල් 20ක රූ රැජිනියන් සහභාගීව සිටියා.

එම රූ රැජිනියන් අභිබවා Miss International – 2024 කිරුළ හිමිකර ගැනීමට සමත් වූ මහනුවර පිළිමතලාව ප්‍රදේශයේ පදිංචි තිළිණි කුමාරි, නිළියක සහ නිවේදිකාවක ලෙස ක්ෂේත්‍ර ගණනාවක දස්කම් පාන යුවතියක් ද වනවා.

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads