මින් ඉදිරියට දේශපාලන අධිකාරියේ අවශ්‍යතාව මත පොලිස් නිළධාරින්ගේ උසස්වීම් ස්ථාන මාරු සිදුනොවන බව අමාත්‍ය විජිත හේරත් පවසනවා.
මහජන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස අද (25) වැඩ භාරගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
මෙරට ජනතාව ලබාදුන් ජන වරමට අනුව වගකීමකින් සහ බැඳීමකින් රටේ ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමට කටයුතු කරන බවද ඇමතිවරයා මෙහිදී සඳහන් කළා.
පසුගිය කාලවකවානුව තුළ පොලීසිය සම්බන්ධයෙන් ජනතාව තුළ තිබු විශ්වාසය බිඳ වැටී ඇති බවත්, යළි විශ්වාසය ගොඩනඟා ගනිමින් ඉදිරි කටයුතු සිදුකරගෙන යාමට විශාල වගකීමක් පවතින බවත් අමාත්‍යවරයා එහිදී පෙන්වා දුන්නා.
ඒ අනුව, කිසිඳු දේශපාලන මැදිහත්වීමකින් තොරව හෝ ඇඟිලි ගැසීම්වලින් තොරව පොලීසියට කටයුතු කිරීමට ඉඩ ප්‍රස්ථාව සලසා දෙන බවද ඇමතිවරයා සඳහන් කළා.
Author: Lanka Hit News
Post Views: 134