Global Platform For All Sri Lankans

මෙන්ඩිස් ගේ 100 ද ? මෙන්ඩිස් ගේ 200 ද ?

නිමාවට පත්වූ ශ්‍රි ලංකාව හා නවසීලන්ත අතර ටෙස්ට් ක්‍රිකට් ක්‍රිකට් තරගාවලිය තරග 2 -0 ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමත් වුණා. කෙසේ නමුත් කමිදු මෙන්ඩිස් ද්විත්ව ශතකයට ආසන්නව තිබියදී ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම අත්හිටුවීමට ගත් තීරණය සම්බන්ධයෙන් බොහෝ දෙනාගේ අවධානය යොමු වුණා. එහිදී කමිදු මෙන්ඩිස් හට සිය ලකුණු දහස සම්පූර්ණ කිරීමේ අවස්ථාවත් කුසල් මෙන්ඩිස් හ ශතකය ලබා ගැනීමට අවස්ථාවත් හිමි වූ අතර ඉන්පසු ව ඉනිම අත්හිටුවීමට ශ්‍රි ලංකා නායකයා පියවර ගත්තා. . ඒ වනවිට පන්දුවට පහර දෙමින් සිටි කමිදු නොදැවි ලකුණු 182 ලබා ගෙන සිටියා. කෙසේ නමුත් එය තරගය දෙවෙනි දිනය බැවින් කමිදු හට ලකුණු 200 සම්පූර්ණ කිරීමට තව මද වෙලාවක් ලබා දීය යුතුව තිබුණ බවට බෝහෝ ක්‍රිඩා ලෝලීන් සිය සමාජ මාධ්‍ය ගිණුම් හරහා ප්‍රකාශ කර තිබුණා. ඒසේම කුසල් මෙන්ඩිස් 100 ලබා ගන්නා තෙක් සිටියා නම් , එම වරප්‍රසාදය කමිදු හට නොලැබුනේ ඇයි දැයි බෝහෝ දෙනෙක් විමසා තිබුණා.

කේසේ නමුත් ක්‍රිකට් විචාරකයන් පවසන්නේ එදින තව පන්දුවාර 10ක පමණ යැවීමට ඉඩ තිබුණ බැවින් , දින දෙකක් අව් රශ්මිය මද්දයේ පන්දු රැක විඩාවට පත්ව සිටි නවසීලන්ත කණ්ඩායමයට පන්දුවට පහර දීමට ආරාධනා කිරීම වඩාත් නිවැරැදි බවයි. එහි ප්‍රතිඵලයක් ලෙස නවසීලන්ත ආරම්භක පිතිකරු යුගලයම එදිනම ආපසු ක්‍රිඩාගාරයට හරවා යැවීමට ශ්‍රි ලංකා පන්දු යවන්නන් සමත් උනා. කේසේ නමුත් තරගයට පසු පැවති මාධ්‍ය හමුවේදි නායක ධනංජය ද සිල්වා ගෙන් මේ පිළිබඳ විමසා සිටි අතර ඔහු සදහන් කරේ කුසල් මෙන්ඩිස් ගේ 100 සහ කමිදු ගේ 1000 ලබා ගැනීමෙන් අනතුරුව ඉනිම අත්හිටුවීමට පෙර තීරණය කර තිබූ බවත්, එය කණ්ඩායමේ ජයග්‍රහණය උදෙසා ගත් පොදු තීරණයක් බවත්ය

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads