සමාජ මාධ්‍යයේ සංසරණය වන පරිදි සමාජ සුබසාධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා රජය මගින් සම්පත් බැංකුවට අවසර ලබා දී නොමැති බව එම බැංකුව සඳහන් කළා.
නිවේදනයක් නිකුත් කරමින්, වැඩිදුරටත් සම්පත් බැංකුව සඳහන් කළේ , විවිධ වංචා සඳහා පුද්ගලයින් පොළඹවා ගැනීමට මෙලෙස සමාජ මාධ්‍ය තුළින් ප්‍රචාරයක් ගෙන යන බවයි.
එසේම, සම්පත් බැංකුව ජනතාවට දැනුම් දෙන්නේ, මෙවන් වංචනික ක්‍රියාවන්ට හසු නොවන ලෙසටයි.
Author: Lanka Hit News
Post Views: 35