ප්‍රවාහන අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටිය දී විවිධ ත්‍යාග ලබා ගත් බවට චෝදනා එල්ල වු සිංගප්පූරුවේ හිටපු කැබිනට් අමාත්‍යවරයෙකුට මාස 12ක සිර දඬුවම් නියම කර තිබෙනවා.
එරට වෙළෙඳ, සන්නිවේදන හා ප්‍රවාහන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සුබ්‍රමනියම් ඊශ්වරන් හට මෙම දඬුවම නියම වී ඇති බව යි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.
වසර 13ක කාලයක් සිංගප්පුරු කැබිනට් මණ්ඩලයේ සාමාජිකයෙකු ලෙස කටයුතු කර ඇති ඔහු ප්‍රවාහන අමාත්‍යවරයාව සිටි සමයේ දී අමෙරිකානු ඩොලර් ලක්ෂ 03කට අධික වටිනාකමින් යුත් ත්‍යාග විවිධ පුද්ගලයින්ගෙන් ලබා ගෙන ඇති බවටයි අනාවරණය වී ඇත්තේ.
Author: Lanka Hit News
Post Views: 372