Global Platform For All Sri Lankans

Lanka Hit News

පළමු තරගයෙන් , පාකිස්ථාන කාන්තා පිලට ලකුණු 31ක ජයක්

 

කාන්තා ලෝක කුසලාන විස්සයි විස්ස තරගාවලියේ දෙවැනි තරගය ලෙසින් ඊයේ (03) ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ පාකිස්ථාන කණ්ඩායම් අතර පැවැති තරගයේ ජය වාර්තා කිරීමට පාකිස්ථානය සමත් වුණා.

ඒ ලකුණු 31කින්.

කාසියේ වාසිය හිමිකරගත් පාකිස්ථානය පළමුවෙන් පන්දුවට පහරදුන් අතර, ඔවුන් පන්දුවාර 20 අවසානයේ කඩුළු සියල්ල දැවී ලකුණු 116ක් රැස් කිරීමට සමත් වුණා.

ඒ අනුව පිටියට පිවිසි පාකිස්ථාන කණ්ඩායමේ නායිකා Fatima Sana ලකුණු 30ක්ද, Nida Dar ලකුණු 23ක්ද, Omaima Sohail ලකුණු 18ක්ද, Sidra Amin ලකුණු 12ක්ද රැස් කිරීමට සමත් වුණා.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ සුගන්ධිකා කුමාරි සහ චමරි අතපත්තු සහ උදේෂිකා ප්‍රබෝධානී කඩුළු 03 බැගින්ද, කවීෂා දිල්හාරි එක් කඩුල්ලක්ද දවා ගැනීමට සමත් වුණා.

අනතුරුව පිළිතුරු ඉනිම සඳහා ලකුණු 117ක ඉලක්කයක් සහිතව පිටියට පිවිසි ශ්‍රී ලංකාවට පන්දුවාර 20 අවසානයේ කඩුළු 09ක් දැවී ලකුණු 85ක් පමණයි රැස්කර ගැනීමට සමත් වුණේ.

පන්දුවට පහරදීමේදී නායිකා චමරි අතපත්තු ලකුණු 06කට දැවී ගිය අතර, විශ්මි ගුණරත්න ලකුණු 20ක්ද, නිලක්ෂිකා සිල්වා ලකුණු 22ක්ද, හසිනි පෙරේරා ලකුණු 08ක්ද, ලබා ගැනීමට සමත් වුණා.

පන්දු යැවීමේදී පාකිස්ථාන කාන්තා කණ්ඩායමේ Omaima Sohail, Fatima Sana සහ Nashra Sandhu කඩුළු 02 බැගින්ද, Sadia Iqbal කඩුළු 03ක්ද දවා ගැනීමට සමත් වුණා.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads