මෙවර විශ්වවිද්‍යාලවලට සිසුන් තෝරා ගැනීම ගැන විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.
ඔහු පවසන පරිදි , මෙවර විශ්වවිද්‍යාලවලට තෝරා ගැනීම සඳහා අයදුම්පත් 90,000ක් පමණ තිබෙනවා.
ඉන් සිසුන් 45,000ක් විශ්වවිද්‍යාලවලට තෝරා ගැනීමට නියමිතයි.
කෙසේ වෙතත්, මෙම විශ්වවිද්‍යාලවලට සිසුන් තෝරා ගැනීමට අදාළ කටයුතුවලින් මේ වන විට සියයට 95ක් අවසන් බවද සඳහන් වනවා.
ඒ අනුව, විශ්වවිද්‍යාලවලට තෝරා ගන්නා සිසුන් 45,000න් මේ වන විට 41,000ක් පමණ තෝරාගෙන අවසන් බවද සඳහන්.
මේ සියලු තෝරා ගැනීම් අවසන් කර තවත් සිසුන් සියයට 5ක් බඳවා ගැනීමට ඉඩ ඉතිරි කර ඇති බවත්, එම සිසුන් සියයට 5 උසස් පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල සහ අත්හිටවූ ප්‍රතිඵල මත බඳවා ගන්නා බවද සඳහන් වුණා.
Author: Lanka Hit News
Post Views: 43