Global Platform For All Sri Lankans

Lanka Hit News

පියයුරු පිළිකාවෙන්, දිනකට තිදෙනෙක් නොයෙන ගමනේ..

 

මෙරට දිනකට නව පියයුරු පිළිකා රෝගීන් 15 දෙනෙකු පමණ හදුනාගන්නා බවත්, පියයුරු පිළිකා නිසා දිනකට තිදෙනෙකු පමණ මිය යන බවත්, සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල පවසනවා.

එමෙන්ම, ලොව පුරා වාර්ෂිකව මිලියන 2.3ක් පමණ පියයුරු පිළිකා රෝගීන් වාර්තා වන බවත්, ඒ අතරින් 670,000ක් පමණ මියයන බවත්, විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කරනවා.

පියයුරු පිළිකා මාසය ලෙසට සැලකෙන ඔක්තෝබර් මාසයේ දී සමාජය දැනුවත් කිරීමේ අරමුණින් විශේෂ පාගමනක් සහ උත්සවයක් පසුගියදා (02) පැවති අතර, එහිදී සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මේ බව පවසා තිබෙනවා.

“හදුනා ගනිමු. ප්‍රතිකාර ගනිමු. ජය ගනිමු.’’ මෙවර පියයුරු පිළිකා පිළිබඳ මාසයේ තේමාව වන අතර, සෞඛ්‍ය අමාත්‍යංශයේ ජාතික පිළිකා මර්දන වැඩසටහන මගින් මෙම වැඩසටහන සංවිධානය කර තිබෙනවා.

වයස අවුරුදු 20න් පසුව සෑම මසකම ස්වයං පියයුරු පරීක්ෂාවක් කර ගන්නා ලෙසත්, වයස අවුරුදු 20 – 40 අතර කෙනෙක් නම් වසර 3කට වරක් හා අවුරුදු 40කට වැඩිනම් සෑම වසරකදීම සායනික පියයුරු පරීක්ෂාවකට යොමු වන ලෙසත්, සෞඛ්‍ය අමාත්‍යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads