වසර 36ක පාර්ලිමේන්තු දිවියේ අවසානය සනිටුහන් කරමින් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් නොවන බව විපක්ෂයේ හිටපු ජ්‍යෙෂ්ඨ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල සඳහන් කළා.
එසේම, තමන් 76 හැවිරිදි වියේ පසුවන බැවින් දශක ගණනාවක දේශපාලන සේවයෙන් පසු තමා විවේක ගැනීමට අදහස් කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
මේ අතර, ඔහුගේ දියණිය වන චමින්ද්‍රානි කිරිඇල්ල සමගි ජන බලවේගය පක්ෂය යටතේ මහනුවර දිස්ත්‍රික්කයෙන්, මෙවර මැතිවරණයට තරග කිරීමට බලාපොරොත්තු වන බව වාර්තා වී තිබෙනවා.
Author: Lanka Hit News
Post Views: 46