මෙවර මහ මැතිවරණයට තමන් ඉදිරිපත් වන බව ප්‍රවීණ රංගන ශිල්පී කමල් අද්දරආරච්චි පවසනවා.
ඒ දෙවන පරපුර පක්ෂය යටතේ යි.
අද (09) පැවැත්වූ මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පළ කර තිබෙනවා.
එහිදී අදහස් දැක්වූ කමල් අද්දරආරච්චි,
”අද ඉතාමත් විශේෂ දවසක්. පැහැදිලිවම මේ රට පෙරට ගෙනියන්නට නම් මේ පැවතුණු සම්ප්‍රදායික දේශපාලනයෙන් ඔබ්බට ගෙන යන මානව හිතවාදී, ඒ වගේම ප්‍රගතශීලී කණ්ඩායමක් තුලින් නැගී එන ඒ තරුණ නායකත්වයක් ලබාදීලා, ජනතාවගේ ප්‍රාර්ථනා ජනතාවගේ අවශ්‍යතා ඒ වගේම ජනතාවට හිතකර රජයක් පාලනයක් පිහිටුවන්නට අවශ්‍ය ප්‍රථම පියවර ජනාධිපතිවරණයෙන් ලබා ගත්තා. මාත් එයට සහය වුණා. ඉතින් මං සන්තෝස වෙනවා.ඒ සහාය දීම තුළ තවත් ඉතාමත් දැවැන්ත වගකීමක් පවතිනවා. ඒ තමයි ඒ අනුර කුමාර දිසානායක ඒ ජන අවශ්‍ය බලවත් පාර්ලිමේන්තුවක් ගොඩනගන්න. මේ දැන් බලවත් පාර්ලිමේන්තුවක් කියන්නේ මොකක්ද? පාලන පක්ෂයක් සහ ප්රතිපක්ෂයක් මේ පාර්ලිමේන්තුව ඇතුලේ ස්ථාපිත කරගන්නට ඕනේ. අද මිනිස්සුන්ට තියෙන ප්‍රධානතම අවශ්‍යතාවය තමයි තමන්ගේ ප්‍රශ්නවලට විසඳුමක් නිවැරදිව ලබාගන්න රජයක්. එහෙමනම් අප පාර්ලිමේන්තුවේ තියෙන වගකීම තමයි මේ සඳහා කැපවෙන එක. එතකොට මෙතනද මෙතන පොදු අදහසක් තියෙනවා පාලක පක්ෂයටයි. ඒ කියන්නේ විරුද්ධ පක්ෂයට. ඒ නම් වල තියෙන ඒ වෙනස්කම ප්‍රති පක්ෂයේ එහෙම නැත්නම් විපක්ෂය කිව්වහම මේකේ මූලික අදහස තමයි මේ එරෙහි වෙන විරුද්ධ වෙන. එහෙම සංස්කෘතියක් නෙමෙයි අද පාර්ලිමේන්තුවට අවශ්‍ය වෙලා තියෙන්නේ. රට ගැන හිත රට වෙනුවෙන් තීරණ ගන්න, රට වෙනුවෙන් වැරදි තීරණ වලට එරෙහි වෙන, එහෙම නැත්නම් ඒ පිළිබඳව සාකච්ඡා කරන්නට පුළුවන්, සහෝදරත්වයෙන් කටයුතු කරන්නට පුළුවන් පාර්ලිමේන්තුවක් මේ දක්වා අපේ විපක්ෂය තුළ පැවතුනේ හැමතිස්සෙම මේ වගේ පාර්ලිමේන්තුවක් නෙමෙයි.”