එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව දේශපාලන පක්ෂ ලේකම්වරු සහ මැතිවරණ කොමිෂන් සභාව අතර හමුවක් හෙට (15) දිනයේ පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව හෙට පෙරවරු 9.30ට මෙම සාකච්ඡාව මැතිවරණ කොමිෂන් සභා පරිශ්රයේ දී පැවැත්වීමට නියමිතයි.
පාර්ලිමේන්තු මැතිවරණය ප්රකාශයට පත් කිරීමෙන් අනතුරුව දේශපාලන පක්ෂ ලේකම්වරු මැතිවරණ කොමිෂන් සභාව හමුවන පළමු අවස්ථාව ද මෙය වනු ඇති.
හෙට දිනයේ දී එක් අපේක්ෂකයෙකු වෙනුවෙන් වියදම් කළ හැකි අවම මුදල තීරණය කිරීමට ද නියමිතව තිබෙනවා.
ඒ අනුව , පසුව ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කෙරෙනු ඇති.
Author: Lanka Hit News
Post Views: 23