Global Platform For All Sri Lankans

Lanka Hit News

මංගල මහා සමුළුවෙන් පසු , ඇති වූ කලබගෑනිය ගැන පැහැදිලි කිරීමක් ?

 

කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පසුගියදා (26) පැවති ‘එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ’ පක්ෂයේ මංගල මහා සමුළුවෙන් අනතුරුව ඇති වූ බව පැවසෙන උණුසුම් තත්ත්වය පිළිබද ඊයේ (27) එම පක්ෂය විසින් පැහැදිලි කිරීමක් සිදුකර තිබෙනවා.

ඒ ‘එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ’ පක්ෂ මූලස්ථානයේ පැවති විශේෂ මාධ්‍යය හමුවකදී යි.

විශ්වවිද්‍යාල සිසුන් පිරිසක් අතර, මෙම උණුසුම් තත්ත්වය හටගෙන තිබු බවයි වාර්තා වුණේ.

කෙසේ වෙතත්, ඒ සම්බන්ධයෙන් පැහැදිලි කරමින් එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක රවී කුමුදේශ් සඳහන් කළේ , අදාළ පිරිස විශ්ව විද්‍යාලය ශිෂ්‍යයින් බව පැවසුවද, ඔවුන්ගේ හැසිරීමේ හෝ ඔවුන් සිසුන් බවට නොපෙණුනු බවයි.

ඒ අනුව, කුමුදේශ් එහිදී ඉල්ලා සිටියේ “අපිට මඩ ගැහුවත් කමක් නෑ.., විශ්වවිද්‍යාල ශිෂ්‍යයින්ට මඩ ගහන්න එපා..” යන්නැයි.

හරි හෝ වැරදි හෝ විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් සැමදාම සිය දේශපාලන මතය දිවි හිමියෙන් රැකගත් බවද ඔහු එහිදී පෙන්වා දුන්නා.

මේ ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් පළකල රවී කුමුදේශ් ,

“මේක අපේ මංගල මහා සමුළුවෙන් එළියේ තිබ්බ වැඩක්.. ඒක සංවිධානය කරලත් තිබ්බේ අපි නෙවෙයි.. ඒ වැඩසටහන අපේ පක්ෂයට තියෙන බය වැඩි වෙච්ච අය සංවිධානාත්මකව කරපු දෙයක් කියලා තමයි පේන්න තියෙන්නේ.. සමුළුව ආවරණය කරන්න ආපු කිසිදු මාධ්‍යවේදියෙක් එතන ඉන්න විදිහක් නෑ.. ඔය චෝදනා කරන අය අපේ සමුළුවට ආවෙත් නෑ.. මේ සිදුවීම අපේ පරිශ්‍රය තුළ සිදු වුණෙත් නෑ.. කවුරුහරි මේක සැළසුම් කරලා, පිටපතකට අනුව රඟපාන පිරිසක් දාලා, ඔවුන් විසින්ම මාධ්‍යයට නිරාවරණය කරපු වැඩක්.. අපි දන්නෑ එහෙම සැලසුම් සහගත විදිහට අපිට මඩ ගහන්න තරම් ඇයි සමහර අය බයවෙලා ඉන්නේ කියලා.. එතන හිටියේ විශ්ව විද්‍යාලය ශිෂ්‍යයෝ කිව්වට, ඒ අයගේ හැසිරීමේ පවා එහෙම එකක් තිබුණේ නෑ.. විශේෂයෙන්ම විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් රුපියල් 1000කට 2000කට මිලදී ගන්න පුළුවන් කියලා අපි විශ්වාස කරන්නෙත් නෑ.. මේ කවුරු සල්ලිවලට ගත්තත්, විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්ගේ දේශපාලන මතය එහෙම මිලදීගන්න පුළුවන් එකක් නෙවෙයි කියලා අපි හැමෝම දන්නවා.. ඒ නිසා මේ නිගරුව කරන්නේ අපිට වඩා ඔවුන්ට.. අපිට ප්‍රජාතන්ත්‍රවාදී ඉඩකඩ ඇතුලේ මේ රටේ දේශපාලන පක්ෂයක් විදියට වැඩ කරන්න ඉඩ දෙන්න කියලා ඉල්ලීමක් කරනවා.. මේ ඡන්ද ව්‍යාපාරයත් එක්ක මාධ්‍ය අතර සීතල යුද්ධයක් තියෙනවා.. ඒකෙ කොටස්කාරයෙක් වෙන්න දේශපාලන පක්ෂයක් විදිහට අපි බලාපොරොත්තු වෙන්නෙ නෑ..”

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

Top Headlines

බන්ධනාගාර ගොඩනැගිල්ලට අත්තක් වැටී මියගියේ දඩ මුදල් ගෙවා ගැනීමට නොහැකි වූ රැඳවියෙක් 

  මාතර බන්ධනාගාරයේ ගොඩනැගිල්ලක් මතට ගසක අත්තක් කඩා වැටීමෙන් මියගොස් ඇත්තේ හෙරොයින් සිද්ධියක් සම්බන්ධයෙන් රුපියල් 20,000ක දඩ මුදලක් ගෙවා ගැනීමට

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads