මෙරට පවතින සහල් හා වී තොග පිළිබඳ දත්ත ඇතුළත් වාර්තාව, අද (06) ජනාධිපති අනුර කුමාර දිසානායක හට භාරදීමට නියමිතව තිබෙනවා.
වෙළෙඳ අමාත්‍යාංශය විසින් මෙම වාර්තාව ලබාදීමට නියමිතයි.
එම වාර්තාවට දිස්ත්‍රික්ක 17ක සහල් හා වී තොග පිළිබඳ දත්ත ඇතුළත් වන බව සඳහන්.
පාරිභෝගික කටයුතු අධිකාරීය විසින් අදාළ දිස්ත්‍රික්කවල මහා පරිමාණ, මධ්‍ය පරිමාණ හා සුළු පරිමාණ වී මෝල් හිමියන් සතු වී හා සහල් තොග පිළිබඳ සමීක්ෂණය කර තිබෙනවා.
එම දත්ත වාර්තා මත පදනම්ව සකස් කළ වාර්තාව මෙලෙස ජනාධිපතිවරයාට අද (06) දින ලබාදීමට නියමිතයි.
පසුගියදා (04) මොනරාගල පැවති ජන රැලියක් අමතමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කියා සිටියේ ‘සහල් මිල හෝ වී මිල පිළිබඳ නැවත අර්බුදයක් ඇතිවීමට ඉඩ නොතබන බවයි’.
මේ අතර ඇතැම් වෙළෙඳපොළවල්වල සහල් මිල ගණන් තවදුරටත් පාලන මිල ඉක්මවා අලෙවි වන බවටයි වාර්තා වන්නේ.