Global Platform For All Sri Lankans

කටුනායක සල්ලි මාරු කරන්න , මේ බැංකුවලට අවසර..

 

කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටු පොළේ (BIA) පිටත් වීමේ පර්යන්තයෙහි ව්‍යවහාර මුදල් මාරු කිරීමේ කවුළු ක්‍රියාත්මක කිරීම සඳහා වෙන ප්‍රසම්පාදනය පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී ඇති බව අමාත්‍ය විජිත හේරත් පවසනවා.

කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටු පොළේ (BIA) පිටත් වීමේ පර්යන්තයෙහි ව්‍යවහාර මුදල් කවුළු 05 ක් ක්‍රියාත්මක කිරීම සඳහා සීමිත ජාතික තරඟකාරී ලංසු කැඳවීමේ ක්‍රමවේදය අනුගමනය කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අනුමත කර ඇති බලපත්‍රලාභී වාණිජ බැංකු, බලපත්‍රලාභී විශේෂ බැංකු සහ විදේශ ව්‍යහාර මුදල් ව්‍යාපාරයේ නියුක්ත සීමිත වෙළෙඳුන් වෙතින් ලංසු කැඳවා තිබෙනවා.

ඒ සඳහා, ආයතන පහක් (05) විසින් ලංසු ඉදිරිපත් කර ඇති බවයි සඳහන් වෙන්නේ.

ඒ අනුව, තාක්ෂණ ඇගයීම් කමිටුවේ සහ අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ මත පදනම්ව වසර 03ක කාල සීමාවක් සඳහා පහත සඳහන් ආයතන වෙත ව්‍යවහාර මුදල් මාරු කිරීමේ කවුළු ක්‍රියාත්මක කිරීම පැවරීම සඳහා ප්‍රවාහන, මහා මාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යතුමා ඉදිරිපත් කළ නිර්දේශය අමාත්‍ය මණ්ඩලය විසින් මෙසේ අනුමතකර තිබෙනවා.

කවුළු අංක 25 රුපියල් මිලියන 798.028 + බදු සහිත මුදලකට ලංකා බැංකුව වෙත

කවුළු අංක 02 රුපියල් මිලියන 633.662 + බදු සහිත මුදලකට සම්පත් බැංකුව වෙත

කවුළු අංක 04 රුපියල් මිලියන 381.364 + බදු සහිත මුදලකට කොමර්ෂල් බැංකුව වෙත

කවුළු අංක 10 රුපියල් මිලියන 299,064 + බදු සහිත මුදලකට තෝමස් කුක් ලංකා (ප්‍රයිවට්) ලිමිටඩ් වෙත

කවුළු අංක 11 රුපියල් මිලියන 225.689+ බදු සහිත මුදලකට හැටන් නැෂනල් බැංකුව වෙත

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads