අද උදෑසන 07.00ට ආරම්භ වූ මෙවර මහ මැතිවරණයේ පළමු පැය 03 තුළ ප්‍රකාශිත මුළු ඡන්ද ප්‍රතිශතය සියයට 20 ඉක්මවා ඇති බව වාර්තා වනවා.
ජනතාව යුහුසුළුව තම ඡන්දය භාවිත කරන බව දක්නට ලැබෙණ බවයි අප වාර්තාකරුවන් පැවසුවේ.
තමන් සතුව නිල ඡන්ද පත්‍රිකාවක් නොමැතිවුවත් වලංගු හැඳුනුම්පතක් සමග ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණෙන ලෙස මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා දැනුම් දුන්නා.
මේ අතර මැතිවරණ රජකාරියේ යෙදී සිටි නිලධාරින් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඒ, ඔවුන් කෝපායි, කැස්බෑව සහ කොබෙයිගනේ ප්‍රදේශවල මැතිවරණ රාජකාරියේ යෙදී සිටියදී යි.
යම් ස්වභාවික හේතුවක් නිසා ඔවුන් මරණයට පත් වන්නට ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.
අද (14) පස්වරු 4.00 දක්වා ඡන්දය ප්‍රකාශ කළ හැකියි.