Global Platform For All Sri Lankans

රවී කරුණානායකට පාර්ලිමේන්තු වරම්..

මෙවර මහමැතිවරණය සඳහා ගෑස් සිලින්ඩරය ලකුණෙන් තරග කළ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමිව ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකකින් එකක් සඳහා රවී කරුණානායක ගේ නම් කර තිබෙනවා.

අදාළ යෝජනාව පක්ෂයේ මහලේකම් ශර්මිලා පෙරේරා විසින් මැතිවරණ ලේකම් කාර්යාලයට දැනුම්දී ඇති බව සඳහන්.

අදාළ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරය සඳහා පසුගිය දිනවල පක්ෂය තුළ දැඩි මත ගැටුමක් නිර්මාණය වී තිබූ බවටයි තොරතුරු වාර්තා වන්නේ.

ඒ, ඉන් එක් මන්ත්‍රීධුරයක් සඳහා හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පත් නොකරන ලෙසට පක්ෂයේ ඇතැම් පිරිස් සිදු කළ ඉල්ලීම හේතුවෙන්.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ මෙවර මහමැතිවරණයෙන් ඡන්ද 500,835ක් ලබාගත්තා.

එහිදී ආසන තුනක් සහ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර 02ක් හිමිව ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

Top Headlines

” මේක අසාමාන්‍ය ජන වරමක් , වැරදි පාරේ ගියොත් මුලින්ම එළියට එන්නේ අපි ” විමල්

ජාතික ජන බලවේග ආණ්ඩුව නිවැරැදි දිශාවකට ගමන් නොකරන්නේ නම් ඊට එරෙහිව ජනතාව පෙළගැස්වීමට අවශ්‍ය නායකත්වය ලබා දෙන බව ජාතික නිදහස්

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads