Global Platform For All Sri Lankans

Lanka Hit News

කාලගුණය වෙනස් වෙන්නේ මෙහෙමයි

 

අද (03) දිනයේත් , නැගෙනහිර පළාතේ වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එසේම, සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පැවතිය හැකි බවද සඳහන්.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ද පවතිනු ඇති.

එසේම, මඩකලපුව සිට ත්‍රිකුණාමලය හරහා කන්කසන්තුරය දක්වා වේන මුහුදු ප්‍රදේශවල ස්ථාන ස්වල්පයක වැසි ඇති වෙනු ඇති.

තවද , දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළං නිශ්චිත දිශාවකින් තොරව හමන අතර, සුළං වේගය පැ.කි.මී. (20-30) පමණ වන බවද සඳහන් වනවා.

කෙසේ වෙතත්, දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සාමාන්‍ය ස්වභාවයේ පැවතිය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරනවා.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads