කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නිල වෙඩි අඩවිය යළිත් හැකර් වරුන්ගේ ග්‍රහණයකට ලක්වී තිබෙනවා.
එය යථා තත්ත්වයට පත් කරගැනීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් සිටින බවටයි තොරතුරු වාර්තා වන්නේ.
ඉතා කෙටි කාලයක් තුළ එම වෙබ් අඩවිය හැක් කිරීමකට ලක් වූ දෙවන අවස්ථාව මෙය වනවා.
මීට පෙර පසුගිය නොවැම්බර් මස 12 වැනිදා ද එය හැක් කිරීමකට ලක් වුණා.
මේ අතර මධ්‍යම, වයඹ, උතුරු මැද සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේ හෝ රාත්‍රි කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයේ කළේ.
උතුරු සහ නැගෙනහිර පළාත්වල වැසි වාර කිහිපයක් අපේක්ෂා කෙරෙනවා.
සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතිනු ඇති බව සඳහන්.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන්.