මෙල්බන් විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු සහ තොරතුරු තාක්ෂණ පීඨයේ පීඨාධිපති ලෙස ශ්‍රී ලාංකික සම්භවයක් සහිත මහාචාර්ය තාස් නිර්මලතාස් මහතා (Professor Thas Nirmalathas) පත්ව තිබෙනවා.
විදුලි හා ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයකු ලෙස කටයුතු කරන මහාචාර්ය තාස් 2024 වසරේ ජනවාරි මස සිට ඉංජිනේරු සහ තොරතුරු තාක්ෂණ පීඨයේ වැඩ බලන පීඨාධිපති ලෙස සේවය කර තිබෙන බව සඳහන්.
එමෙන්ම ඔහු මේ වන විට ඕස්ට්‍රේලියා ඉංජිනේරුවන්ගේ ආයතනයේ සාමාජිකයෙක් ද වෙනවා.
එසේම විදුලි හා ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු ආයතනයේ (IEEE) USA සහ Optica USA හි ජ්‍යේෂ්ඨ සාමාජිකයෙක් වන ඔහු ඕස්ට්‍රේලියානු තාක්ෂණ විද්‍යා හා ඉංජිනේරු ඇකඩමියේ සාමාජිකයෙක් ද වෙනවා.
මහාචාර්ය තාස් නිර්මලතාස් ගේ ප්‍රාථමික අධ්‍යාපනය ශ්‍රී ලංකාවේ Thirunavukkarasu Maha Vidiyalayam,, Chavakachcheri Hindu College, හා
Jaffna Hindu College යන පාසැල් කිහිපයකින් ලබා ඇති බවයි පවසන්නේ.
උසස් පෙළ හැදෑරීම සදහා ඔහු මහනුවර ත්‍රිත්ව විද්‍යාලයට ඇතුළත්ව තිබෙන අතර පසුව විශ්වවිද්‍යාලය අධ්‍යාපනය සදහා පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුළත්ව තිබෙන බවයි සඳහන්.
1990 වසරේ මෙල්බන් විශ්වවිද්‍යාලයට ඇතුළත් වූ මහාචාර්යවරයා B.E (Electrical and Electronic) First Class Honours Electrical and Electronic Engineering උපාධිය සම්පූර්ණ කර අනතුරුව එම විශ්වවිද්‍යාලයේම PhD Electrical and Electronic Engineering- Photonics සම්පූර්ණ කර ඇති බවයි කියවෙන්නේ.