ආණ්ඩුවේ ප්රතිපත්ති ප්රකාශයට අදාළ යෝජනාව ඊයේ (04) පාර්ලිමේන්තුවේදී ඡන්ද විමසීමකින් තොරව ඒකමතිකව සම්මත වුණා.
ආණ්ඩුවේ ප්රතිපත්ති ප්රකාශයට අදාළ විවාදය පසුගිය (03) පෙ.ව 9.30 සිට ප.ව 5.30 දක්වාත් ඊයේ (04) පෙ.ව 9.30 සිට ප.ව 5.00 දක්වාත් දෙදින විවාදයක් ලෙස පැවැත්වුණා.
ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පසුගිය නොවැම්බර් 21 වනදා පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවේ ප්රතිපත්ති ප්රකාශය ඉදිරිපත් කළා.
Author: Lanka Hit News
Post Views: 29