Global Platform For All Sri Lankans

Lanka Hit News

සුරාබදු බලපත්‍ර නිකුත් කිරීම ගැන ජනපතිගෙන් විශේෂ දැනුම්දීමක්

 

නැවත දැනුම් දෙනතුරු කිසිදු සුරාබදු බලපත්‍රයක් නිකුත් නොකරන ලෙසට ජනාධිපති අනුර කුමාර දිසානායක සුරාබදු දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී තිබෙනවා..

පසුගිය ජනවාරි 01 වැනිදායින් පසු සුරාබදු බලපත්‍ර ලබාගත් පුද්ගලයින්ගේ නාම ලේඛනය සභානායක අමාත්‍ය බිමල් රත්නායක ඊයේ (04) සභාගත කර තිබුණා..

එම කාලය තුළ සුරාබදු බලපත්‍ර 361ක් නිකුත් කර ඇති අතර, ඉන් 172ක් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ දේශපාලන අල්ලස් ලෙස ලබා දී ඇති ඒවා බවයි සභානායක අමාත්‍ය බිමල් රත්නායක කියා සිටියේ..

මේ අතර, මාසිකව ගෙවිය යුතු අධිභාරය වන රුපියල් බිලියන 5.7ක මුදල ගෙවීම පැහැර හැරීම නිසා ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සහ සමාගමේ මත්පැන් නිෂ්පාදන බලපත්‍රය ඊයේ සිට බලපැවැත්වෙන පරිදි අත්හිටුවීමට සුරාබදු දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා..

එමෙන්ම, හිඟ බදු මුදල් හා අධිභාරය තවදුරටත් ගෙවීම පැහැර හරින්නේ නම් සමාගමට නිකුත් කර ඇති සියලුම මත්පැන් බලපත්‍ර මේ මස 31න් පසු දීර්ඝ නොකරන බවද සුරාබදු දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා..

එවන් පසුබිමක අදාළ සමාගම වෙත නිකුත් කර තිබූ මත්පැන් නිෂ්පාදන බලපත්‍ර අත්හිටුවීමට පියවර ගන්නා බව දැනුම්දෙමින් සුරාබදු දෙපාර්තමේන්තුව නිකුත් කර තිබූ ලිපිය බලරහිත කිරීමේ තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා මෙන්ඩිස් සමාගම ගොනු කළ පෙත්සමක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය ඊයේ තීන්දු කළා..

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

Top Headlines

ජනාධිපති ලේකම් කාර්යාල‍යෙන් අතුරුදන් වූ මිලියන ගණනක භාණ්ඩ ගැන අධිකරණ නියෝගයක්

  ජනාධිපති ලේකම් කාර්යාලයේ මාධ්‍ය ඒකකය සතුව තිබූ රුපියල් මිලියන 162ක භාණ්ඩ අස්ථානගත වීම සම්බන්ධයෙන් වහාම විමර්ශන කර අධිකරණයට කරුණු

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads