දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් යෙයෝල්ට පක්ෂයෙන් ඉවත් වන ලෙස පාලක පීපල් පවර් පක්ෂයේ නායකයා දන්වා තිබෙනවා.
ඊයේ ජනාධිපති යූන් සිය ආරක්ෂක අමාත්‍ය කිම් යොං-හ්යූන්ගේ ඉල්ලා අස්වීම පිළිගත්තා.
ජනාධිපතිවරයා යුද නීතිය ප්‍රකාශයට පත් කිරීමේ ක්‍රියාවේදී තමන් හැසිරුනු ආකාරය ගැන සමාව අයැදමින් ආරක්ෂක අමාත්‍යවරයා ඊයේ ඉල්ලා අස්ව තිබුණා.
කෙසේ වෙතත් පාර්ලිමේන්තුවේ හදිසි ඡන්ද විමසීමකින් පසු යුද නීතිය ඉවත් කිරීමටයි ජනාධිපතිවරයාට සිදුවුණේ.
තම තීරණය ආපසු හැරවීමට සිදුවීමත් සමග නිහඬ වූ ජනපති යූන් අද ජාතිය ඇමතීමට නියමිතයි.
දකුණු කොරියා විපක්ෂය ඔහුට දෝෂාභියෝගයක් එල්ල කර ඇති අතර සෙනසුරාදා එහි ඡන්ද විමසීම සිදු කෙරෙනවා.
Author: Lanka Hit News
Post Views: 33