විශ්වාසභංගයෙන් අගමැති මිචෙල් බාර්නියර් බලයෙන් පහ කිරීමත් සමඟ ප්‍රංශ රජය බිඳ වැටී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් විසින් අගමැති පත් කර මාස තුනකට පසුවයි මෙම විශ්වාසභංගය ඉදිරිපත් කෙරුණේ.
ඔහුට එරෙහි යෝජනාව සම්මත වීමට ඡන්ද 288ක් අවශ්‍යව තිබූ අතර ඡන්ද 331 ක් ලැබීමත් සමග බහුතර අනුමැතියෙන් යෝජනාව සම්මත වී තිබෙනවා.
1962 වසරෙන් පසුව විශ්වාසභංගයකින් පසු ප්‍රංශ රජයක් බිඳවැටුණු පළමු අවස්ථාව මෙයයි.
එමෙන්ම මෙය ප්‍රංශයේ දේශපාලන අස්ථාවරත්වය තවදුරටත් වැඩි කරනු ඇති බව ද සඳහන්.
මෙම තත්ත්වය හමුවේ පාර්ලිමේන්තුවේ තනි කණ්ඩායමකට බහුතර බලයක් නොමැති නිසා අනුප්‍රාප්තික අගමැතිවරයෙකු තෝරා ගැනීමට නියමිතයි.
Author: Lanka Hit News
Post Views: 28