ඕස්ට්‍රේලියාවේ රාජ්‍ය ගණකාධිකරණ ආයතනයක් වන (IPA) විසින් වාර්ෂිකව පවත්වනු ලබන විශිෂ්ඨ ගණකාධිකාරවරුන් ඇගයීමේ සම්මාන උළෙලක දි පිරිනමන IPA Member of The Year සම්මානය මෙවර ශ්‍රී ලාංකික ගණකාධිකාරීවරියකට හිමිව තිබෙනවා.
මෙලෙස සම්මානයට පාත්‍ර වී ඇත්තේ ශ්‍රී ලාංකික ගණකාධිකාරීවරියක් වන අමා අබේවික්‍රමයි.
ඕස්ට්‍රේලියා රාජ්‍ය ගණකාධිකරණ ආයතනය (IPA) විසින් සිය සාමාජික ප්‍රජාවගේ විශේෂ ජයග්‍රහණ අගය කිරීම උදෙසායි වාර්ෂික ජාතික සම්මේලනය අතරතුර දී මෙම සම්මාන උළෙල පවත්වනු ලබන්නේ.
සම්මානයට පාත්‍ර වූ අමා අබේවික්‍රම 2013 වසරේ දී ඕස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් වෙත පැමිණ ඇති අතර ඇය තමන්ගේම නමින් සමාගමක් ආරම්භ කර තිබෙනවා.
මුල්කාලීනව ඕස්ට්‍රේලියාව තුළ සමාගමක් පවත්වාගෙන යාමේ දී තම ස්වදේශීය භාෂා පසුබිම හේතුවෙන් අභියෝග රැසකට මුහුණ දීමට සිදු වූ බවයි ඇය සදහන් කර ඇත්තේ.
මේ වනවිට අමා දකුණු ඕස්ට්‍රේලියා විශ්ව විද්‍යාලයේ මූල්‍ය සැලසුම් පිළිබදව ශාස්ත්‍රපති උපාධියක් හදාරමින්.