Global Platform For All Sri Lankans

Lanka Hit News

රත්වත්තේ යුවලට ඇප

 

රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ සහ ඔහුගේ බිරිඳ වන රෂී ප්‍රභා රත්වත්තේ ට අද (05) ඇප ලබා දී තිබෙනවා.

අමාත්‍ය ලොහාන්ගේ බිරිඳට අයත් මිරිහාන ඇඹුල්දෙණිය ශාලාව පාරේ තෙමහල් නිවසක අංක තහඩු නොමැති සුඛෝපභෝගී මෝටර් රථයක් ගාල්කර තිබියදී පසුගිය දා සොයා ගනු ලැබුවා.

ඒ අනුව මිරිහාන පොලීසිය අදාළ රථය සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනවලදී අනාවරණය වී තිබුණේ, එය නීති විරෝධීව එකලස් කරන ලද මෝටර් රථයක් බවයි.

අනතුරුව අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ඔක්තෝබර් 30 වැනි දා ලොහාන් රත්වත්තේ කටුගස්තොටදී මිරිහාන පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවා.

ඉන් අනතුරුව රත්වත්තේගේ බිරිය වන රෂි ප්‍රභා රත්වත්තේ ද නොවැම්බර් 4 වනදා අත්අඩංගුවට ගත් අතර, අදාළ මෝටර් රථය සම්බන්ධයෙන් ඇය දැනුවත් භාවයකින් පසු වී ඇතැයි විමර්ශනවල ප්‍රගතිය ගැන කරුණු දක්වමින් මිරිහාන පොලීසිය අධිකරණය හමුවේ ප්‍රකාශ කිරීමෙන් පසු කරුණු සලකා බැලූ අධිකරණය සැකකාර රත්වත්තේ බිරියව ද රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවා.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads