නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ඉතිරි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් වන අවසන් තීන්දුව හෙට (06) දිනයේදී ප්‍රකාශයට පත් කරනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන පවසනවා.
එම ජාතිය ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා හිටපු අමාත්‍ය කංචන විජේසේකරගේ නම යෝජනා කර ඇති බවයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණට සහාය පළ කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයින්ගේ විශේෂ සාකච්ඡාවක් ඊයේ (04) පැවැත්වුණු අතර, ඊට එක්වෙමින් මන්ත්‍රීවරයා මෙම අදහස් දැක්වීම සිදුකළා.
Author: Lanka Hit News
Post Views: 30