දකුණු කොරියානු විපක්ෂය විසින් එරට ජනාධිපති යුන් සුක් යෝල්ට එරෙහිව දෙවන වරට ගෙන ආ දෝෂාභියෝගය සම්මත වී තිබෙන බව ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කරනවා.
අද පෙරවරුවේදීයි ඊට අදාළ ඡන්ද විමසීම පැවැත්වුයේ.
එරට විපක්ෂය ජනාධිපතිවරයා පසුගිය දෙසැම්බර් 3 වනදා රාත්‍රියේ දී හදිසියේ හමුදා නීතිය පැනවීමේ සිදුවීම මුල් කරගනිමින් ඔහුට විරුද්ධව දෝෂාභියෝගයක් ගෙන එනු ලැබුවා.
කෙසේ වුවද, ජනාධිපති නියෝජනය කරන පාලක පීපල් පවර් පක්ෂය පළමු වරට ගෙන ආ දෝෂාභියෝගයේදී ඡන්ද විමසීම වර්ජනය කිරීමෙන් දෝෂාභියෝගය එරට පාර්ලිමේන්තුව හමුවේ පරාජයට පත් වූ බවයි කියන්නේ.
ඒ අනුව එරට විපක්ෂය ඊයේ (13) පියවර ගත්තේ ඔහුට එරෙහිව දෙවන වරටත් දෝෂාභියෝගයක් ගෙන ඒමටයි.
එහිදී දකුණු කොරියානු පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම මන්ත්‍රීවරුන් සිය ඡන්දය භාවිත කළ අතර මන්ත්‍රීවරුන් 204ක් දෝෂාභියෝගයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කර තිබෙනවා.
ඊට විපක්ෂව ඡන්ද 85ක් හිමිව තිබු බව සඳහන්.
මේ අනුවයි , දකුණු කොරියානු ජනාධිපති යුන් සුක් යෝල්ට එරෙහි දෝෂාභියෝගය අද එරට පාර්ලිමේන්තුවේ දී සම්මත වී තිබෙන්නේ.
එහිදී ජනාධිපතිවරයා ධුරයෙන් නෙරපා දැමෙයි.
ඉන් පසුව එරට අගමැතිවරයා වැඩබලන ජනාධිපති ලෙස කටයුතු කරන බවයි මාධ්‍ය පවසන්නේ.