උතුරු, නැගෙනහිර, උතුරු මැද සහ ඌව පළාත්වල සහ මාතලේ දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට අද (16) මිලිමීටර් 100 ට වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එමෙන්ම, උඩවළව ජලාශයේ වාන් දොරටු පහෙන් තුනක් ඊයේ රාත්‍රියේ සිට විවෘත කර තිබෙනවා.
උඩවලව ජලාශයට ඉහල පෝෂක ප්‍රදේශයේ බලංගොඩ, කලතොට ප්‍රදේශවලට මිලිමීටර් 70ක පමණ වර්ෂාවක් පසුගිය දිනවල ලැබිම නිසා අක්කර අඩි 217,000 ක සීමාව ඉක්මවා යාම හේතුවෙන් මෙලෙස වාන් දොරටු විවෘත කල බවයි ජලාශය භාර ඉංජිනේරු තේමිය බණ්ඩාර සඳහන් කළේ.
ඒ හේතුවෙන් ජලාශය ආශ්රිත පහත් ප්‍රදේශවල ජනතාවට අවධානයෙන් පසුවන ලෙසයි ජලාශය භාර ඉංජිනේරුවරයා සඳහන් කළේ.
Author: Lanka Hit News
Post Views: 2