ජනාධිපති අනුර කුමාර දිසානායක අද පස්වරුවේ නිල සංචාරයක් සදහා ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතයි.
ජනාධිපතිවරයා සිය ධුරයට පත්වීමෙන් පසුව විදෙස් සංචාරයක නිරත වන ප්‍රථම අවස්ථාව මෙයයි.
ජනාධිපතිවරයාගේ මෙම සංචාරයේදී දෙරට අතර බහුවිධ සහ අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට අපේක්ෂා කරන බව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වුණා.
මෙම සංචාරය අතරතුර ජනාධිපතිවරයා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සමගද නිළ ද්වීපාර්ශ්වික සාකච්ඡාවල නිරතවීමට නියමිත අතර නවදිල්ලි හී පිහිටි රාශ්ඨපතිභවන් හිදී එම හමුව පැවැත්වෙන්නේ හෙටයි.
එසේම ජනාධිපතිවරයා මෙහිදී දෙරට අතර ආයෝජන සහ වාණිජ සබඳතා ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් දිල්ලියේ පැවැත්වෙන ව්‍යාපාරික හමුවකටද එක් වනු ඇති.
සංචාරය අතරතුර ජනාධිපති අනුර කුමාර දිසානායක බුද්ධගයාවේද සංචාරයක නිරතවීමට නියමිත බව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිකුත් කළ නිවේදනයේ සදහන්.
මෙම සංචාරයට ජනාධිපතිවරයා සමග විදේශ අමාත්‍ය විජිත හේරත්, කම්කරු අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ඇතුළු පිරිසක් එක්වනු ඇති.