යාපනයේ ව්‍යාප්ත වන උණ වෛරසය හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව අට දක්වා ඉහළ ගොස් තිබෙනවා.
මෙලෙස මිය ගොස් ඇත්තේ, යාපනයේ කරවෙට්ටි ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි තරුණයෙක්.
උණ තත්ත්වය හේතුවෙන් දින පහකට පෙර පේදුරුතුඩුව රෝහලට ඇතුළත් කෙරුණු, ඔහුව වැඩිදුර ප්‍රතිකාර සඳහා යාපනය ශීක්ෂණ රෝහලේ වෙත මාරු කර තිබුණා.
කෙසේ වෙතත් රෝගී තත්ත්වය උත්සනවීම හේතුවෙන් ඔහු මිය ගිය බව සඳහන්.
මේ වනවිට අණ රෝගය වැළදුණු පුද්ගලයින් 15 දෙනෙකු පමණ යාපනය හා පේදුරුතුඩුව රෝහල්වල ප්‍රතිකාර ලබන බවට තොරතුරු වාර්තා වනවා.
මේ වනවිට එම තත්ත්වය පාලනය කර ගැනීමට හැකිවී ඇති බවයි, යාපනය සෞඛ්‍ය අංශ සඳහන් කළේ.
කෙසේ වෙතත්, යම් අයෙකුට දිනකට වඩා වැඩි කාලයක් උණ රෝගී තත්ත්වයක් පවතින්නේ නම් වහාම ප්‍රතිකාර ලබා ගැනීමට කටයුතු කරන ලෙස ද උතුරු පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියා.
Author: Lanka Hit News
Post Views: 19