පළාත් පාලන සහ පළාත් සභා මැතිවරණය ලබන වසරේදී පැවැත්වීමට ආණ්ඩුව සැලැසුම් කර ඇති බවට තොරතුරු වාර්තා වනවා.
ඒ අනුව කල්දමා ඇති පළාත් පාලන ඡන්දයේ නාමයෝජනා අහෝසි කර යළිත් නාමයෝජනා කැඳවීමට නියමිතයි.
එම මැතිවරණය අප්‍රේල් මුල් භාගයේ පැවැත්වීමට තීරණය කර ඇති බව සඳහන්.
එමෙන්ම පළාත් සභා මැතිවරණය සැප්තැම්බර් මස පැවැත්වීමට ආණ්ඩුව සැලැසුම් කර ඇති බවටයි ජාතික පුවත්පතක් තොරතුරු වාර්තා කළේ.
අදාළ මැතිවරණය මේ වනවිටත් වසර හතකට වැඩි කාලයක් කල් දමා තිබීමත් විශේෂත්වයක්.
පළාත් සභා මැතිවරණයට පෙර අදාළ නීතිමය කටයුතු කඩිනමින් සම්පූර්ණ කරගැනීමට ආණ්ඩුව අවශ්‍ය පියවර ගනිමින් සිටින බවටයි තොරතුරු වාර්තා වන්නේ.
Author: Lanka Hit News
Post Views: 13