Global Platform For All Sri Lankans

Lanka Hit News

චන්ද්‍ර සාම්පල විශ්ලේෂණයෙන් චන්ද්‍රයාගේ පිටුපස ඇති පැරණි චුම්භක ක්ෂේත්‍ර පිළිබඳ තොරතුරු ලබා ගනියි

චීන විද්‍යාඥයින් Chang’e-6 චන්ද්‍ර සාම්පල විශ්ලේෂණය කොට පළමු වරට චන්ද්‍රයාගේ පිටුපස ඇති පැරණි චුම්භක ක්ෂේත්‍ර පිළිබඳ තොරතුරු ලබා ගෙන ඇති බව චීන විද්‍යා ඇකඩමිය සඳහන් කර තිබෙනවා.

එමගින් මධ්‍ය චන්ද්‍ර චුම්භක ක්ෂේත්‍රයේ පරිණාමය පිළිබඳ සම්පූර්ණ දත්ත ලබා ගත හැකි ඇති අතර එහි පරිණාමය අධ්‍යයනය කිරීමට සහ ” චන්ද්‍ර චුම්භක ක්ෂේත්‍ර උත්පාදක යන්ත්‍රය” ගවේෂණය සඳහා වැදගත් පදනමක් සපයනු ලබයි.

මෙම ප්‍රතිඵලය බෙයිජිං වේලාවෙන් 20වැනිදා ජාත්‍යන්තර ශාස්ත්‍රීය සඟරාව වන “නේචර්” හි අන්තර්ජාලය ඔස්සේයි ප්‍රකාශයට පත් කළේ.

මෙම වසරේ ජුනි මාසයේදී, චීනය සිය Chang’e-6 මෙහෙයුම ප්‍රථම වරට චන්ද්‍රයාගේ පිටුපස කොටසේ සාම්පල ලබා ගැනීම සම්පූර්ණ කළා.

එහිදී වටිනා සාම්පල ග්‍රෑම් 1,935.3 ක් ආපසු ගෙන එනු ලැබූ බව සඳහන්.

එම සාම්පල ලබා ගත් ස්ථානය පිහිටා තිබෙන්නේ චන්ද්‍රයාගේ පිටුපසේ එයිට්කන් දකුණු ධ්‍රැවය ද්‍රෝණියේ ඇපලෝ ආවාටයේයි.

එය චන්ද්‍රයාගේ පිටුපස පර්යේෂණ සිදු කිරීමට දුර්ලභ අවස්ථාවක් හිමි කර තිබීම වඩා වැදගත් බවයි කියන්නේ.

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads