චීනයේ නිෂ්පාදිත C919 ගුවන් යානයේ ඊයේ (19) දිනට අදාළ ගමන් වාර තුළ මිලියනයකට වැඩි මඟීන් පිරිසක් ප්‍රවාහනය කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
චීන මාධ්‍ය පවසන්නේ මෙය චීන C919 ගුවන් යානා ඉතිහාසයේ නව සන්ධිස්ථානයක් සනිටුහන් කිරීමක් බවයි.
එම ගුවන් යානය පසුගිය සැප්තැම්බර් මස පළමු වන දින සිදු කළ චීන ඊස්ටර්න් ගුවන් සමාගමට අදාළ ගමන් වාර තුළ “චෙන්ග්දු ටියැන්ෆු-ෂැංහයි හොංචියාඕ” මාර්ගය ඔස්සේ ලක්ෂ 5කට වැඩි මගීන් සංඛ්‍යාවක් ප්‍රවාහනය කර තිබීම ද කැපී පෙනුණා.
ඒ වන විට චීනයේ නිෂ්පාදිත C919 මගී ගුවන් යානය ලොව ප්‍රථම වරට භාවිත කළ සහ වාණිජ ගුවන් ගමන් සඳහා යෙද වූ එකම ගුවන් සමාගම වූයේ චීන ඊස්ටර්න් ගුවන් සමාගම බව සඳහන්.
Post Views: 44