නත්තල් උත්සවයට සමගාමීව දේවස්ථානවල සහ ආගමික ස්ථානවල ආරක්ෂාව සඳහා දිවයින පුරා පොලිස් නිලධාරීන් 40,000 ක් පමණ යෙදවීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග පවසනවා.
බස්නාහිර පළාතට පමණක් පොලිස් නිලධාරීන් 6500 ක් පමණ යෙදවීමට නියමිත අතර ගැට කපන්නන් අත්අඩංගුවට ගැනීම සදහා සිවිල් ඇදුමින් සැරසුණු පොලිස් නිලධාරීන් 500 ක් යොදවා ඇති බවද මනතුංග සඳහන් කළා.
රථවාහන තද බදය නතර කිරීම සදහා කොළඹ නගරයේ පමණක් රථවාහන හැසිරවීමට පොලිස් නිලධාරීන් 600 ක් පමණ යොදවන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.
උත්සව සමයේ ඇදුම් පැළදුම්, බඩු බාහිරාදිය මිලදී ගැනීමට යාමේදී තමන් සතු මුදල්, ජංගම දුරකතන, රන්භාණ්ඩ ඇතුළු දේපොළ පරිස්සම් කරගන්නා ලෙසත් මෙම කාලසීමාව තුළ ගැට කපන්නන් සහ සොරුන් නිතර ජනතාව ගැවසෙන ස්ථානවල සැරිසරන බවත් බුද්ධික මනතුංග සඳහන් කළා.