කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු අධ්‍යක්ෂ, සහකාර පොලිස් අධිකාරි නෙවිල් සිල්වා ලබන 30වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට රත්නපුර මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝග කළා.
කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු අධ්‍යක්ෂක සහකාර පොලිස් අධිකාරි නෙවිල් සිල්වා අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගිය වැනිදායි.
ඒ රුපියල් කෝටි 14ක් වටිනා මැණික් වාහන ඇතුළු දේපොළ තොගයක් බලහත්කාරයෙන් ලබාගත් බව කියන සිද්ධියක් ගැන කොළඹ අපරාධ කොට්ඨාසයට කළ පැමිණිල්ලකට අනුව එම දේපොළ ඒක පාර්ශිකව පැමිණිලිකරුට ලබාදීම සම්බන්ධවයි.
2023 වසරේ අගෝස්තු 02 වනදා කුරුවිට මැණික් ව්‍යාපාරිකයෙකු කොළඹ අපරාධ කොට්ඨාසය වෙත පැමිණ ඔහුට අයත් රුපියල් කෝටි 14ක් පමණ වටිනා දේපොළ බලහත්කාරයෙන් ලබා ගත් බවට පැමිණිල්ලක් කර තිබු බවත්, එම පැමිණිල්ලට අනුව සැකකාර සහකාර පොලිස් අධිකාරිවරයා ඒක පාර්ශ්වික ලෙස කටයුතු කර ඇතැයි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ මහජන පැම්ණිලි අංශයට ලද පැමිණිල්ලක් අනුවයි සහකාර පොලිස් අධිකාරිවරයාට අත්අඩංගුවට ගෙන නඩු පවරනු ලැබුවේ.