ආන්දෝලනයට තුඩු දී ඇති ඔස්ට්‍රෙලියානු මහ කොමසාරිස් කාර්යාලයේ හිටපු නියෝජ්‍ය මහ කොමසාරිස්වරියක ලෙස සේවය කළ හිමාලි කරුණාතිලකට එල්ල වන චෝදනා සහ ඇය සම්බන්ධයෙන් ඔස්ට්‍රෙලියානු අධිකරණයකින් දුන් තීන්දුව සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් විසින් අද (20) ප්‍රකාශයක් කරනු ලැබුවා.
ඒ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුවේ අද (20) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මාධ්‍යවේදියෙක් අසන ලද පැනයකට පිළිතුරු දෙමින්.
එහි දී අමාත්‍යවරයා සඳහන් කළේ, හිටපු නියෝජ්‍ය මහ කොමසාරිස්වරිය විසින් සිය සේවිකාවකට වැටුප් ගෙවීම සම්බන්ධයෙන් කිසිදු වංචාවක් සිදුකර නොමැති බවයි.
සාමාන්‍යයෙන් තානාපතිවරයෙක් හෝ තානාපතිවරියක්, මහ කොමසාරිවරියක් රැගෙන යන සේවකයින්ට වැටුප් ගෙවන්නේ ශ්‍රී ලංකාවේ ආණ්ඩුවෙන් බවත් ඔවුන්ගේ වැටුප් තලය සකසා ඇත්තේ මෙරටට ගැලපෙන ප්‍රමාණයෙන් බවත් ඒවා ඔස්ට්‍රෙලියාව, යුරෝපය වැනි රටවල් හා සලකා බැලීමේ දී පහළ මට්ටමක පවතින බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළා.
මේ අතර අප්‍රිකාව වැනි රටවල් සමග සඳහා බලන කළ මෙරට වැටුප් තලය තරමක් ඉහළ මට්ටමක පවතින බවත් සඳහන් කළ අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ, ඔස්ට්‍රෙලියානු මහ කොමසාරිස් කාර්යාලයේ හිටපු නියෝජ්‍ය මහ කොමසාරිස්වරියට එම ගැටලුවලට පුද්ගලිකවම මුහුණ දෙන්නට සිදු වූ බවයි.
මෙම රාජ්‍ය තාන්ත්‍රික සේවයට පිටව යන බොහෝ දෙනෙක්ට බලපාන ප්‍රශ්නයක් බව සඳහන් කළ අමාත්‍යවරයා එහි දී පැවසුවේ, “මම බොහෝම පැහැදිලිව කියන්න කැමතියි හිමාලි කරුණාතිලක මහත්මිය කිසිදු වංචාවක්, හොරකමක් කරලා නෑ. නමුත් එහෙ රටේ නීතියට අනුව තමයි ඔය නීතිමය තීන්දුව උසාවිය දීලා තියෙන්නේ. අපි මේ ගැන රජයක් විදියට ප්‍රතිපත්තිමය තීන්දුවක් ගත යුතු කාරණයක්. අප්‍රිකානු රටවල වැඩකරද්දි ඕකේ අනිත් පැත්ත. ඕක තමා ඇත්ත කතාව.” යනුවෙන්.
කෙසේ නමුත් අදාළ සිදුවීමට මුහුණ දුන් හිමාලි කරුණාතිලක මේ වනවිට ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිතවරිය ලෙස කටයුතු කරන අතර ඇය රට වෙනුවෙන් අදටත් සේවය කරමින් සිටින බව ද අමාත්‍යවරයා පැවසුවා.